හිටපු ජනපතිවරුන්ගේ වෙඩි නොවදින වාහන මුහුදේ ගිල්වයි

 ඡායාරූපය:

හිටපු ජනපතිවරුන්ගේ වෙඩි නොවදින වාහන මුහුදේ ගිල්වයි


හිටපු ජනාධිපතිවරුන් පසුගිය යුද සමයේදී  භාවිත කළ වෙඩි නොවදින සුපිරි මෝටර් රථ හා ජීප් රථ අටක් සහ එල්ටීටීඊ සංවිධානය සතුව තිබු නෞකාවක් ඊයේ (26) බටහිර මුහුදු ප්‍රදේශයේදී ගැඹුරු මුහුදේ ගිල්වා විනාශ කර තිබේ.
මේ වාහනවල සහ නෞකාවේ සවි කර තිබූ සන්නිවේදන උපකරණ ඇතුළු  වටිනා කොටස් ගලවා ඉවත් කිරීමෙන් පසු ඒවා ගිල්වා දැමූ බව නාවික හමුදාවේ ඉහළ නිලධාරියෙක් පැවසීය.
ජේ. ආර්. ජයවර්ධන, ආර්. ෙප්‍ර්මදාස, චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග සහ මහින්ද රාජපක්ෂ යන හිටපු ජනාධිපතිවරුන් භාවිත කළ වාහන මෙසේ විනාශ කර තිබේ.
ජනාධිපති ලේකම් කාර්යාලයේ උපදෙස් මත නාවික හමුදාව වෙත ලබාදුන් මෙම වාහන, භාණ්ඩ ප්‍රවාහන නෞකාවක  පටවා  ගැඹුරු මුහුද වෙත රැගෙන ගොස් මෙසේ ගිල්වා දැමූ බවද අදාළ නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.
ගිල්වා දැමු නෞකාව එල්ටීටීඊ සංවිධානයට ආයුධ ප්‍රවාහනය කළ නෞකාවක් බවද, එය එම සංවිධානයේ හිටපු නායකයකු වූ කුමරන් පද්මනාදන් හෙවත් කේපීට  අයත් එකක් බවද එම නිලධාරියා පැවසීය.

මාතෘකා