ප්‍රචණ්ඩත්වය පැතිරවූ අය හඳුනාගෙන අවසන් -ඇමති රාජිත

 ඡායාරූපය:

ප්‍රචණ්ඩත්වය පැතිරවූ අය හඳුනාගෙන අවසන් -ඇමති රාජිත


මහනුවර ඇති වී තිබෙන ප්‍රචණ්ඩකාරී වටපිටාවට එක්තරා දේශපාලන පක්ෂයක් නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනෙකු, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු දෙදෙනෙකු, දිස්ත්‍රික් පක්ෂ සංවිධායකවරයෙකු හා ඔහුගේ ලේකම්වරයකු සම්බන්ධ බව මේ වන විට හඳුනාගෙන ඇති අතර අදාළ දේශපාලන පක්ෂයකට සම්බන්ධ භික්ෂුවකගේ සෘජු මැදිහත්වීමක් පිළිබඳ කරුණු වාර්තා වී ඇති බව ඊයේ (07) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී සම කැබිනට් ප්‍රකාශක, සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය


පසුගිය මැතිවරණයේදී සුළු පක්ෂවල ඡන්ද ලැබුණේ යහපාලන ආණ්ඩුවට වීම හේතුවෙන් එක්තරා දේශපාලන පක්ෂයක් කේන්තියෙන් පසු වූ බව කී ඇමතිවරයා මෙසේද පැවසීය.
"මැතිවරණයෙන් පරාජිත කණ්ඩායම සුළු ජන කොටස්වල ඡන්ද ලබා ගන්න මේ සිදුවීම උපයෝගී කරගෙන ජාතිවාදය වපුරනවා'' යැයි ඇමති රාජිත සේනාරත්න මහතා පැවසීය.
මහනුවර දිස්ත්‍රික්කයේ කලහකාරී ලෙස හැසිරී අත්අඩංගුවට ගත් පුද්ගලයින් අතර එක්තරා දේශපාලන පක්ෂයකට සම්බන්ධ විශ්‍රාමික ආරක්ෂක නිලධාරියෙකු සහ දැනට ආරක්ෂක අංශවල සේවයේ නියුතු පුද්ගලයෙකුද සිටින බව එම ප්‍රවෘත්ති සාකච්ඡාවට සහභාගි වූ අමාත්‍ය සරත් අමුණුගම මහතා පැවසීය.

මාතෘකා