ආදරණීය කෝබි

 ඡායාරූපය:

ආදරණීය කෝබි

කෝබි බ්‍රයන්ට් ලොව සුපිරි බාස්කට් බෝල් ක්‍රීඩකයෙක්. ඔහු ඇමෙරිකා එක්සත් ජනපදයට පැසිපන්දු ඔලිම්පික් රන් පදක්කම පිට පිට දෙවතාවක් හිමිකර දීමට පුරෝගාමී සේවයක් ඉටු කළා. 2008 වසරේදී NBA තරගාවලියේ වටිනාම ක්‍රීඩකයාට හිමි සම්මානයෙන් පිදුම් ලැබුවේත් කෝබි. 2008 වසර් සිට 2016 වසර දක්වාම පැසිපන්දු පිටියෙන් සමුගන්නා තෙක් කෝබි බ්‍රයන්ට් පුරා වසර 20කට ආසන්න කාලයක් නියෝජනය කළේ සුප්‍රසිද්ධ ලොස් ඇන්ජලීස් ලේකර්ස් කණ්ඩායම. ලොස් ඇන්ජලීස් ලේකර්ස් කණ්ඩායමට NBA ශූරතා 4ක් හිමි කර දීමට ඔහු සමත් වුණා. මේ අති දක්ෂ ක්‍රීඩකයා ක්‍රීඩාවෙන් පමණක් ආදරය දිනාගත්තකු පමණක් නොවේ. මිල මුදලින් පමණක් බැබලුණු අයකුද නොවේ. ඔහු ආදරණීය සැමියකු පමණක් නොව සිය දියණිය ආදරයම කොට ගත්තෙක්. කෝබි ගුවන් අනතුරින් මියයන විට ඇගේ

13 හැවිරිදි ගිගි බ්‍රයන්ට් දියණියද ඔහු සමඟ සිටියා. බ්‍රයන්ට්ගේත් දියණියගේත් මිතුදම රැගත් අන්තර්ජාලයේ සැරිසරන පින්තූර ආදරය පිළිබඳ සංකේතයක් වුණා. කෝබි මියගියද ඔහුගේ නම මිය ගියේ නැහැ. පියකු ලෙස සැමියකු ලෙස ඔහු දැක්වූ ආදරය මිය ගියේද නැහැ. මේ නිසාම ලෝකයම ඔහුට දැක්වූ ආදරය මිය ගියේද නැහැ. හදවතේ ආදරය පිරුණු මිනිසකු ගැන දැන් හැමෝටම කියන්න කතාවක් ඔහු ඉතිරි කළා.

News Order: 
13
මාතෘකා