‘ස්ත්‍රී නිරුවත’ චිත්‍ර කලා ඉතිහාසය තුළ නියෝජනය වීම

 ඡායාරූපය:

‘ස්ත්‍රී නිරුවත’ චිත්‍ර කලා ඉතිහාසය තුළ නියෝජනය වීම

දහනව වැනි සියවසේ මැද භාගයේ සිට ප්‍රංශ සිතුවම් සඳහා ශාස්ත්‍රීය ශෛලියේ සිට වඩාත් නව්‍ය විවේචනාත්මක පරිවර්තනයක් දක්වා ගමනක් විය. පරමාදර්ශී, නිරුවත් දේවතාවිය ක්‍රමයෙන් නවීන ප්‍රභේදයන් ඔස්සේ කලා ඉතිහාසයේ විවිධාකාරයෙන් ස්ථානගත විය. ඇකඩමියේ පිළිගත් ප්‍රමිතීන්ට අභියෝග කිරීමක් ලෙස පෙරමුණ ගත් ඇවන්ගාඩ් ශිල්පීන්ද ගැහැනු නිරුවත නිරූපණය කිරීම තෝරා ගන්නා ලදි.

ඇතීනා, වීනස් යනු කාන්තා නිරුවත නිරූපණය කිරීමෙහි සම්භාව්‍ය සම්ප්‍රදායට උදාහරණ වේ. එනම් කල්පිත, මිථ්‍යා හෝ ආගමික ආඛ්‍යානවලින් පැවත එන සන්දර්භයක ඇති කාන්තා නිරුවත් රූප පමණක් නිරූපණය කිරීමට අවසර දුන් යුගයේ අවශ්‍යතාව පූර්ණය කිරීමකි. එම සන්දර්භයේ පිහිටා වුව සිත්තරුන් කාන්තාවන්ගේ රුව ස්වාභාවිකව නිරූපණය කර ඇත. මෙහිදී ඓතිහාසිකව කලාවේ භූමිකාව පිළිබඳ මාතෘකාව සමඟ සැලකිය යුතු අරගලයක පවතින බව කිව හැකියි.

1800 ගණන්වල අග භාගයේදී මැනේ නිරුවත් කාන්තාවක් නිරීක්ෂකයාගේ දෑස් දෙසට කෙළින්ම නිරූපණය කරමින් කම්පනයට පත් කළේය. එය අසභ්‍ය හා දුරාචාර ලෙස අවතක්සේරුවට ලක් විය. මේ අවස්ථාවේදී ආන්දෝලනයට තුඩු දුන්නේ ආකෘතියේ නිරුවත නොවේ. ගැහැනු නිරුවත වටා ඇති ඇතැම් සම්මතයන් පිටුපස සන්දර්භය ස්ථාපිත කිරීම සඳහා මෙම ඉතිහාසයේ කතාව වැදගත් වේ. නමුත් කලාව තුළ කාන්තා නිරුවත නිරූපණයේදී විවිධ සමාජයන්හි වෙනස් වන සම්මතයන් ඔස්සේ ගොස් විවිධ කලා ශිල්පීන් හා ඔවුන්ගේ මතවාදයන්ගේ බලපෑමෙන් සෞන්දර්යාත්මක අවධාරණයක පුළුල් බවක් ඇති කර ඇත.

කලාව තුළ කාන්තා නිරුවත් ස්වරූපයේ කාර්‍යභාරය සුවිශේෂ වන්නේ එහි අසභ්‍ය හා කලාව යන දේ අතර තුලනය කිරීමේ ක්‍රියාවලියක් ඇති බැවිනි. එම නිරූපණයන් වටා ඇති සම්මතයන් මාලාවක් සංස්කෘතීන් තුළින් දැකගත හැකිය. ඉතිහාසය පුරාවට ස්ත්‍රී නිරුවත පිළිබඳ කතිකාවේදී ගැහැනු නිරුවත කලාවේ අභ්‍යන්තර සීමාව හා අසභ්‍යත්වයේ බාහිර සීමාව සලකුණු කරයි.

[ප්‍රගීත් රත්නායක]

News Order: 
6
මාතෘකා