කතරගම පුද බිමේ වදුරන් නිසා වන්දනා කරුවෝ පීඩාවට

 ඡායාරූපය:

කතරගම පුද බිමේ වදුරන් නිසා වන්දනා කරුවෝ පීඩාවට

කතරගම පුද බිම ආශ්‍රිතව වදුරන් හාරපන්සීයක් ජීවත් වන අතර මෙම සතුන් පුද බිමේ තිබෙන විශාල ගස් තම වාසස්ථාන කරගෙන සිටින අතර වසුරු හෙලීම ආදියෙන් පරිසරය අපවිත්‍ර කරයි. ඊට අමතරව පූජා භූමියේ තබා ඇති කසළ බඳුන් පෙරළමින් ඒවා කඩා බිද දමමින් ඒවායේ ඇති කසළ පරිසරය පුරා විසුරුවා දැමීමටද කටයුතු කරයි.

මේ හේතුවෙන් කතරගම මහා දේවාලයේ පවිත්‍රතා අංශයට නිරන්තරයෙන් පරිසරය පිරිසිදුව තබා ගැනීමට විශාල පරිශ්‍රමයක් දැරීමට සිදුව ඇත. වන්දනාකරුවන් හා ප්‍රදේශවාසීන් පවසන්නේ මෙම සතුන් අල්ලා යාල අභයභූමියට මුදාහල යුතු බවයි.

මේ සම්බන්ධයෙන් කතරගම අඩවි වන නිලධාරීන්ගෙන් විමසූ විට ඔවුන් පැවසුවේ මෙම සතුන් කිහිප විටක් අල්ලාගෙන කැලයට ගෙනගොස් දැමුවද වන්දනාකරුවන් ඉවත දමන පලතුරු ආදිය කෑමට පුරුදු වී ඇති බැවින් කෙතරම් දුර ගෙනගොස් දැමුවද නැවත පැමිණෙන බවයි.

පින්තූරයේ පෙනෙන්නේ කතරගම මහා දේවාලය සමීපයේ පිහිටි කඩවර දේවාලය ළඟ තබා ඇති කසළ බඳුනක් කඩා බිඳ දමා එහි ඇති පලතුරු කොටස් ආදිය කා දමන වඳුරු රංචුවකි.

ඡායා - ඇම්.නෙල්සන් පියරත්න කතරගම සමූහ

News Order: 
6
මාතෘකා