කාබන් විමෝචනය 40%ක් අඩු බජාජ් කියුට් කොඩ්‍රිසයිකල්

 ඡායාරූපය:

කාබන් විමෝචනය 40%ක් අඩු බජාජ් කියුට් කොඩ්‍රිසයිකල්

ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි පුද්ගලික සමාගම වෙතින් මෙරට වෙළෙඳපළට හඳුන්වාදුන් ශ්‍රී ලංකාවේ පළමු කොඩ්‍රිසයිකල් රථය වන බජාජ් කියුට්, මේ වන විට පාරිභෝගික ආකර්ෂණය දිනා ගැනීමට සමත් වී ඇත. මුළු පවුලටම එකට ගමන් කළ හැකි වාහනයක් පිළිබඳ සිහින මැවූ ශ්‍රී ලාංකිකයන්ට දරා ගත හැකි මිලකට හඳුන්වාදුන් බජාජ් කියුට් පහසුවෙන් හැසිරවිය හැකි වාහනයකි. එමෙන්ම ඉන්ධන පිරිමැස්ම ගැන සැලකීමේ දී පෙට්‍රල් ලීටරයකින් වැඩිම දුරක් ගමන් කළ හැකි එකම 'රෝද හතරේ' වාහනයද වේ.

බලයලත් බජාජ් කියුට් සේවා ස්ථාන දිවයිනේ බොහෝ ප්‍රදේශවල ව්‍යාප්තව ඇති නිසා වාහනය 'සර්විස්' කිරීම හෝ අලූත්වැඩියාව සම්බන්ධයෙන් ගැටලුවක් පැන නොනඟී.

පවුලට ගැළපෙන කදිම වාහනයක් වන බජාජ් කියුට් සුවිශේෂී වූ DTSi තාක්ෂණයෙන් යුතු එන්ජිමකින් සමන්විත වේ. ශ්‍රී ලංකාවට අමතරව මේ වන විට යුරෝපීය සංගමයේ රටවල් වන තුර්කිය, පෝලන්තය මෙන්ම පෘතුගාලය, රුසියාව, උතුරු ඇමෙරිකානු මහාද්වීපයේ මෙක්සිකෝව සහ දකුණු ඇමෙරිකාවේ කොලොම්බියාව, දකුණු අප්‍රිකාව ඇතුළු අප්‍රිකානු මහාද්වීපික රටවල්, බංග්ලාදේශය සහ ඉන්දුනීසියාව ආදී රටවල් 30කට අධික සංඛ්‍යාවක මේ වන විට බජාජ් කියුට් රථය අලෙවි කරනු ලබයි.

වඩාත් ඉඩකඩ ඇතිව නිෂ්පාදනය කර ඇති කියුට් රථය රියැදුරාට සහ වාහනයේ ගමන් කරන අනෙකුත් අයට සුවපහසු සහ ආරක්ෂාකාරී ගමනක් තහවුරු කරමින් ආවරණය වූ බඳකින් යුක්ත බව බජාජ් සමාගම පවසයි. ගමන් මලු රැගෙන යෑම සඳහාද සැලකිය යුතු පහසුකම් බජාජ් කියුට් රථයේ ඇති අතර සීමා කරන ලද උපරිම වේගය සහ මොනොකොක් බඳ හේතුවෙන් එහි ගමන් කරන සියල්ලන්ට වඩාත් ආරක්ෂාවක් සලසා දෙයි. කෙසේ වෙතත් මෙහි වඩාත් වැදගත් අංගයන් වන්නේ අනෙකුත් මෝටර් කාර් රථ සමඟ සසඳන විට සියයට 40ක අවම කාබන් විමෝචනය, BSIV විමෝචන තත්ත්වයන්ට අනුකූල වීම සහ කුඩා මෝටර් රථ සමඟ සසඳන විට උපරිම ඉන්ධන පිරිමැස්මකින් යුක්ත වීමයි.

ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි පුද්ගලික සමාගමෙහි ප්‍රාදේශීය සහ අලෙවි කාර්යාලවලින් මෙන්ම සේල්ස් ඩීලර්වරුන්ගෙන්ද මේ වන විට බජාජ් කියුට් රථ මිල දී ගැනීමේ හැකියාව ඇත.

මාතෘකා