Fi සහ ABS සමඟ නව බජාජ් පල්සර් NS 200

 ඡායාරූපය:

Fi සහ ABS සමඟ නව බජාජ් පල්සර් NS 200

ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි (ප්‍රයිවට්) ලිමිටඩ් වෙතින් මෙරටට හඳුන්වා දුන් බජාජ් පල්සර් මෝටර් සයිකල් මේ වන විට මෙරට ජනප්‍රියතම ස්පෝර්ට්ස් මෝටර් සයිකල් බවට පත් වී ඇත. එම සාර්ථකත්වය මත තවදුරටත් වැඩි දියුණු කළ බජාජ් පල්සර් NS 200 මෝටර් සයිකලය නව අංග රැසක් සමඟින් මේ වන විට මෙරට වෙළෙඳපළට නිකුත් කර ඇත.

බජාජ් මෝටර් සයිකල්වලටම අවේණික වූ DTSi තාක්ෂණයෙන් යුතු පල්සර් NS 200 මෝටර් සයිකලයට නව වැඩි දියුණු කිරීමේ අංගයක් ලෙස ABS බ්‍රේක් පද්ධතිය ඇතුළත් කර ඇත. එසේම විද්‍යුත් පද්ධතියක් මඟින් ස්වාධීන ක්‍රියාකාරී දහනයක් උත්පාදනය කරන ෆුවල් ඉන්ජෙක්ෂන් පද්ධතියද (Fi) මෙම මෝටර් සයිකලයේ විශේෂත්වයන් අතර ප්‍රමුඛ වේ.

පල්සර් NS 200 Fi ABS මෝටර් සයිකලය පිළිබඳව අදහස් දක්වමින් ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි (ප්‍රයිවට්) ලිමිටඩ් අංශ භාර කළමනාකරු (වාහන විකුණුම්) ලක්මාල් ද සිල්වා මහතා පැවසුවේ මෙම මෝටර් සයිකලයේ වෑල්ව් 04කින් යුත් ට්‍රිපල් ස්පාර්ක් එන්ජිම මඟින් 25.5 Ps බලයක් සහ 18.6 Nm උපරිම කැරකුම් බලයක් සහිත ක්‍රියාකාරිත්වයක් සමඟින් ක්ෂණිකව ක්‍රියාත්මක වී ප්‍රතිචාර දක්වනු ලබයි.

පල්සර් NS 200 Fi ABS මෝටර් සයිකලය තත්ත්පර 9.65ක කාලයක් තුළ 0 සිට 100 දක්වා වේගය ඉහළ නැංවිය හැකි අතර තත්ත්පර 4.76ක කාලයක් තුළ 0 සිට 60 දක්වා වේගවත් කළ හැකි බලයක් ඇත. ඒ අනුව 200 CC වර්ගයේ වඩාත්ම ජවසම්පන්න ස්පෝර්ට්ස් මෝටර් සයිකලය ලෙස පල්සර් NS 200 Fi ABS හැඳින්විය හැකිය.

මාතෘකා