ජීවිතයට සහන් එළිය ගෙනෙන පහන් තාරකා

 ඡායාරූපය:

ජීවිතයට සහන් එළිය ගෙනෙන පහන් තාරකා

"පහන් තාරකා"අලුත් පොතකි. කතුවරිය රුක්ලන්ති පෙරේරාය. මේ ඇගේ සිව්වැනි කෘතියයි. මෙහි ඇතුළත් වන්නේ සුවිශේෂ චරිත කිහිපයක් පිළිබඳ ලියැවුණු ජීවන සටහන් සමුදායකි. ඇතැම් චරිත අප්‍රකටය. ඇතැම් චරිත ප්‍රසිද්ධය. ක්ෂේත්‍ර කිහිපයක් නියෝජනය කරයි.

ළගන්නාසුලු බසකින් ලියැවී ඇති මෙම ලිපි කියවීමෙන් පාඨකයාට ලැබිය හැකි වින්දනය හා ජීවිතාවබෝධය අතිමහත්ය.

 

සමනයා සමඟ සැන්දෑවක්

ප්‍රවීණ කවියකු සහ කෙටිකතාකරුවකු වන මලික් තුසිත ගුණරත්නගේ "සමනයා" කෙටිකතා එකතුව පිළිබඳ පුවත්පත් මණ්ඩල කතිකාවත දෙසැ. මම 10 වැනිදා ප. ව. 4.00ට බොරැල්ල කාසල් වීදියේ පුවත්පත් මණ්ඩල ශ්‍රවණාගාරයේදී පැවැත්වේ. මාධ්‍යවේදී ගාමිණී කන්දෙපොළ මෙහෙයවන මෙම වැඩසටහනේදී මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර සහ සාහිත්‍යවේදී අනුරසිරි හෙට්ටිගේ ඇතුළු විද්වත්තු රැසක් අදහස් දක්වති.

 

ප්‍රේමිය

යොවුන් නිර්මාණකරුවකු වන තාරුකා ගයාෂාන්ගෙ පළමු කෘතියයි. ඔහු සිත්තරෙකි; කවියෙකි. මේ කෘතිය සිතුවම් සහ කවි එකාත්මීය කළ අවස්ථාවකි. කර්තෘ ප්‍රකාශනයකි.

News Order: 
9
මාතෘකා