සෞඛ්‍ය ගැටලු ගැන දැනගන්න අලුත් වෙබ් පිටුවක්

සෞඛ්‍ය ගැටලු ගැන දැනගන්න අලුත් වෙබ් පිටුවක්

ජීවිතය ඉතා සංකීර්ණයි. විවිධාකාර ප්‍රශ්න, කරදර වගේම ලෙඩදුක් පවා ජීවිතය අසීරු කරවන සාධක අතර මුල් තැනක තිබෙනවා. බිරිඳක්, මවක්, ගෘහණියක් යන භූමිකා කිහිපයකට එකවර පණදෙන කාන්තාවක ලෙස ඔබ, ඔබට වැලඳෙන ලෙඩරෝග ගැන පවා තැකීමක් නොකරන අයකු විය හැකියි. නමුත් නිරෝගී සෞඛ්‍යමත් ජීවිතයක් යනු ඔබට අත්‍යවශ්‍ය දෙයක්. ලෙඩ රෝග, ඖෂධ, වෛද්‍ය පරීක්ෂණ සහ එදිනෙදා මුහුණ දෙන සෞඛ්‍ය ගැටලු ගැන ඔබ තුළ නිසි දැනුවත් බවක් තිබීම අත්‍යවශ්‍ය වන්නේ ඒ නිසයි. ඒවා පිළිබඳ ඔබට අවශ්‍ය වේලාවක දැනගැනීමට හෝ කතාකිරීමට ඥාති හෝ හිතවත් විශේෂඥ වෛද්‍යවරයකු සිටී නම් එය විශාල පහසුවක් සහ අස්වැසිල්ලක් ගෙනදෙනු නිසැකයි. dostharapiya.lk වෙබ් පිටුව කියන්නේ එවැනි පහසුවක් සහ අස්වැල්ලක් ඔබට ලබාදෙන වෙබ් පිටුවක්.

කිසිවකුට පැවසීමට නොහැකි සෞඛ්‍ය ගැටලු දැන් ඔබට dostharapiya.lk වෙබ් පිටුව වෙත ඉදිරිපත් කළ හැකිය. මිථ්‍යා විශ්වාස, බොරු ප්‍රචාර සහ බොරුකාර පුද්ගලයන්ගේ හිතළු මඟින් ඔබගේ වටිනා ජීවිතය විනාශ වී යෑමට නොදී රැකගැනීම මෙම වෙබ් පිටුවේ මූලික අරමුණයි. dostharapiya.lk වෙබ් පිටුව තුළින් ඉතා නිවැරදි වෛද්‍ය විද්‍යාත්මකව තහවුරු කළ නවීනතම සෞඛ්‍ය සම්බන්ධ තොරතුරු පමණක් ඉදිරිපත් කරයි. සෞඛ්‍ය ගැටලු සඳහා විශේෂයෙන් ළමුන්ගේ හා ගැබිනි මවුවරුන්ගේ ගැටලුවලට පිළියම් සෙවීමේදී ඒ සම්බන්ධව සුදුසුකම්ලත් වෘත්තීයවේදීන්ගෙන් පමණක් උපදෙස් ලබාගැනීම සුදුසු වන අතර එවැනි උපදෙස් ලබාදෙන්නන්ගේ නිවැරදි සුදුසුකම් හෝ අනන්‍යතාව පිළිබඳ විමසීමට ඔබට අයිතියක් තිබෙන බවද අමතක නොකළ යුතුය.

විශ්වාසනීයත්වය මුල්කරගනිමින් මෙම වෙබ් පිටුව තුළින් ඔබේ සෞඛ්‍ය ගැටලුවලට උපදෙස් දෙනු ලබන්නේ රාගම ශික්ෂණ රෝහලේ ජ්‍යේෂ්ඨ ලේඛකාධිකාරී වෛද්‍ය (SLMC 30175) වෛද්‍ය රොෂාන් පියරත්න(MBBS, MD- medicine) සහ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි ඖෂධවේදිනී රොනිති සර්ධාතිලක මහත්මියයි.

එබැවින් dostharapiya.lk වෙබ් පිටුව තුළින් ඔබ කියවන්නේ වෛද්‍ය විද්‍යාත්මකව තහවුරු කරන ලද නිවැරදිම කරුණු බව සඳහන් කළ හැකිය. ඔබ මුහුණ දෙන එදිනෙදා සෞඛ්‍ය ගැටලු පිළිබඳ දැනුවත් වීම සඳහා මෙම වෙඩ් පිටුව භාවිත කළ හැකි අතර ඔබගේ රෝගී තත්ත්වයන් සඳහා නිතරම සුදුසුකම් ලත් වෛද්‍යවරයකුගෙන් පමණක් ප්‍රතිකාර ලබාගන්නා ලෙසත් වෛද්‍ය රොෂාන් පියරත්න පවසයි.

[ශ්‍යාමලී නිශාන්ති]

මාතෘකා