සංකල්පීය කලාව

 ඡායාරූපය:

සංකල්පීය කලාව

සංකල්පීය කලාව යනු කුමක්දැයි හඳුන්වා දීමේදී එය නිමි කලා කෘතියකට වඩා සංකල්පය වැදගත් කොට සලකන කලාවකි. ඇමෙරිකානු කලාකරුවන් ගණනාවක් සම්බන්ධ වී 1960 දශකයේ ඉස්මතු වූ කලා ව්‍යාපාරයක් ලෙසින් මෙය ප්‍රචලිත වී ඇත.

මෙහිදී ප්‍රධාන ලෙසම අදහසක් ප්‍රකාශ කිරීමෙහිලා ඇති කලාකෘතියක් ලෙස, ප්‍රමාණාත්මක බව, සෞන්දර්ය ප්‍රකාශනය, කුසලතාව හා අලෙවිකරණය වැනි කරුණු කලාව විනිශ්චය කිරීමට අදාළ නොවන ප්‍රමිතීන් ලෙස බැහැර කර ඇත. කලාවේ මායිම් සවිඥානිකව පුළුල් කිරීමට සමත් වූ කියුබිසම්, ඩාඩා, වියුක්ත ප්‍රකාශනවාදය, පොප් කලාව අනුක්‍රමිකව සංකල්පීය කලාව අවබෝධ කර ගැනීම සඳහා වැදගත් වේ. කලා කෘතිය පිළිබඳව මාධ්‍ය සංකල්පයක් සාමාන්‍යයෙන් භාෂාවේ tools මඟින් හසුරවනු ලබන අතර එය අදහස් මත පදනම් වේ.

1970 දශකයේ මැද භාගය වන විට සංකල්පීය කලාව බටහිර දෘශ්‍ය කලාව තුළ, පුළුල් ලෙස පිළිගත් ප්‍රවේශයක් බවට පත් විය. 1980 ගණන්වල සාම්ප්‍රදායික රූප මත පදනම් වූ කලාකෘති නැවත පණ ගැන්වී තිබියදීත් සංකල්පීය කලාව, 20 වැනි සියවසේදී වඩාත් බලවත් කලා ව්‍යාපාරයක් ලෙස ස්ථාපිත විය.

එම යුගයේ ප්‍රංශ චිත්‍ර ශිල්පී Marcel Duchamp විසින් 1914දී ආරම්භ කරන ලද කෘතිය තාර්කික දිගුවකි. එනම් කලාකරුවාගේ මැදිහත්වීමක් නැතිව තැනූ නිමි භාණ්ඩයක් කලාගාර අවකාශයක ප්‍රදර්ශනය සඳහා ඉදිරිපත් කරයි. එය එතෙක් පැවැති ක්‍රමවේදයට කළ අභියෝගයකි. පැහැදිලි ලෙසම බෙදුම් රේඛාවක් සටහන් කිරීමට හැකියාව ලද බව එයින් හැඟවේ. සංකල්පීය කලාව පිළිබඳව එහි ඇතිවූ විවේචනයට සමගාමීව කලාකරුවන් සහ ප්‍රේක්ෂකයන් අතර පෙර පැවැති සම්බන්ධතාව නැවත අර්ථකථනය කිරීම හා කලාගාර අවකාශයන් ඇතුළත හා පිටත පිළිබඳව කතිකාවන් නිකුත් වීම හා ක්‍රියාත්මක වීමට එය හැරවුම් ලක්ෂයක් විය.

දෘශ්‍ය කලාවේ ව්‍යාකරණයන්ගෙන් හා මූලධර්මයන්ගෙන් ඔබ්බට සංකල්පීය කලාවේ වස්තු විෂය සඳහා දර්ශනය, සාහිත්‍ය න්‍යාය හා සමාජ විද්‍යාව වැනි වෙනත් අධ්‍යයන ක්ෂේත්‍රයන් සමඟ සම්බන්ධතා ඇති විය. සංකල්පීය කලාව තුළ කාර්‍යය, නිදර්ශනවලට වඩා අර්ථකථනයක් ලෙස ප්‍රමුඛ වීම දැකිය හැකිය. එනම් එය පුද්ගලයකු හෝ සිද්ධියක් නිරූපණය කරනවාට වඩා නිශ්චිත අර්ථයක් ලබා දීම සහ ප්‍රකාශ කිරීම සඳහාය.

සංකල්පීය කලාව වර්තමානයේදී බොහෝ විට භාවිත වන අතර වීඩියෝ කලාව, ස්ථාපන කලාව, පින්තාරු කිරීම, මූර්ති, මහජන කලාව ආදිය පුළුල් වෙමින් විවිධ අංශ භාවිත කරමින් ලොව පුරා සිටින ප්‍රේක්ෂකයන් සඳහා අති නවීන කලාකෘති නිර්මාණය කරමින් සිටී. එසේම දශක හයක් පුරා දිවෙන සුවිශේෂී හා අතිශයින් පොහොසත් ඉතිහාසයක් ඇති සංකල්පීය කලාව තවමත් ශක්තිමත්ව වැඩෙමින් පවතී.

මාතෘකා