රජෙක් නැති රැජිනක් ක්වීන්

 ඡායාරූපය:

රජෙක් නැති රැජිනක් ක්වීන්

හිමාෂි කියන්නෙ වෙනස්ම විදියක කෙල්ලෙක්. නිදහසේ ජීවත්වෙන්න කැමති, තමන් කැමති දේම කරන්න හදන හිතුවක්කාර චරිතයක්. තමන්ගෙ පාඩුවේ ප්‍රංශයේ ජීවත්වුණු හිමාෂිට ආයෙම ලංකාවට එන්න වුණේ හදිසියේම අසනීප වුණු තාත්තා නිසා. හැබැයි ලංකාවට ආවට පස්සෙයි හිමාෂි දැනගත්තෙ තාත්තා කළේ බොරුවක් බව. හිමාෂිගේ තාත්තා හිමාෂිව ලංකාවට ගෙන්නගන්නෙ හිමාෂිගෙ පොඩි කාලෙ යාළුවා, ඒ කියන්නෙ රදීෂ්ට හිමාෂිව විවාහ කරලා දෙන්න.

සැලැස්ම දැනගත්ත හිමාෂි කරන්නෙ කවුරුත්ම හිතුවෙ නැති වැඩක්. මුරණ්ඩුකමයි හිතුවක්කාරකමයි දෙකම තිබුණ හිමාෂි විවාහ ගිවිසගැනීමේ දවසෙදී හැමෝවම සිහි නැති කරමින් පැනලා යන්නෙ ජීවිතේ නිදහස හොයාගෙන.

ජීවිතේ හරි ලේසියි කියලා හිතුවට ඒක එහෙම නෙවෙයි. එදා රෑම කරදර ගොඩකටම මුහුණ දෙන හිමාෂිට අවසානයේ වෙරළක තිබුණ තරුණ පිරිමි මළ සිරුරක් හමුවෙනවා. මළ සිරුරෙ පසුම්බිය හොරකම් කරන හිමාෂි ඒ සල්ලිවලින් විනෝද වෙනවා. ඒත් එක මොහොතක එයා රූපවාහිනියෙන් දැනගන්නවා මියගියා කියලා හිතූ තරුණයා මියගොස් නැති බව. හැමදේම වෙනස් වෙන්නෙ ඒ සිදුවීම එක්ක. තමන් කරපු දේ ගැන පසුතැවෙන හිමාෂි පසුම්බිය ආයෙම බලන වෙලාවේ ලිපි දෙකක් ලැබෙනවා. මේ ලැබෙන ලිපි දෙක ඔස්සේ පසුම්බිය අයිති තරුණයාට ඇත්තටම සිදුවුණේ මොකක්ද කියන දේ හොයාගෙන යන්න හිමාෂි හදන්නෙ ඔහුට සාධාරණයක් කරන්න.

මේ යන ගමනේදී හිමාෂිට කොයි වගේ අත්දැකීම්වලට මුහුණ දෙන්න සිදුවේවිද?

සුපුන් රත්නායකගේ අධ්‍යක්ෂණයෙන් හැඩවුණු ‘ක්වීන්’ සතියේ දිනවල රාත්‍රී 8.30ට ස්වර්ණවාහිනියෙන් නරඹන්න පුළුවන්.

මේක වෙනස්ම සෙල්ලමක්...

 

සටහන [මේධාවි ජයතිලක]

මාතෘකා