Installation Art ස්ථාපන කලා

 ඡායාරූපය:

Installation Art ස්ථාපන කලා

ස්ථාපන කලා 1950 අග භාගයේ බිහි විය. එය ත්‍රිමාණ කෘතිවල කලාත්මක ප්‍රභේදයක් වන අතර විශේෂයෙන් අවකාශීය සංජානනයක් ඇති කිරීමට යොදා ගනී. අවකාශයක වස්තූන් ස්ථාපනය කිරීමේ වින්‍යාසය සම්බන්ධ කරමින් ස්ථාපන කලාව පශ්චාත් නූතනවාදී චින්තනයෙන් වර්ධනය වන කලාකරුවන් විසින් ක්‍රියාවට නංවන ලද ඒකාබද්ධ අත්දැකීමක් ඉදිරිපත් කරයි.

ස්ථාපන කලාවට මූර්තිමය මූලධර්මයන්ගේ යම් තත්ත්වයන් ඇති නමුත් මූර්ති නිර්මාණය කර ඇත්තේ ආකෘතිවලින් ස්වයං අන්තර්ගත සැකැස්මක් ලෙස පිටතින් බැලීමටයි. එමෙන්ම ස්ථාපනයකට බොහෝ විට වස්තූන් මෙන්ම ආලෝකය, ශබ්දය, සංගීතය, සෙවනැලි යනාදියද ඇතුළත් විය හැකියි. මෙය එහි සන්දර්භයට ඇතුළු වී, ගුණාංග අවධාරණය කර ගැනීම පිණිස කරන ලද යෝජනාවලින් සැදුම්ලත් දෙයක් බව කිව හැකියි.

මෙහිදී විවිධ ස්වරූපයෙන් යුක්ත වන අතර කලාවේ මුහුණුවර වෙනස් කර ඇත. නරඹන්නා සිතීමකට ගෙනයන අවකාශීය ගුණය තීව්‍ර කිරීම මෙහි විශේෂයි. මෙය මහා පරිමාණ, මිශ්‍ර මාධ්‍ය ඉකිරීම්වලින් සංලක්ෂිත වෙනවා මෙන්ම තාවකාලික කාලයක් සඳහා නිර්මාණය වේ.

ලෝකය පුරා ප්‍රචලිත මෙය ලංකාවේද දෘශ්‍ය කලා ශිල්පීන් වැඩි වශයෙන් අවධානයට ගත් මාධ්‍යයකි. කලා කෘතිය පිටත සිට නැරඹීමට එහා ගිය, හඬ, සංගීතය, ආලෝකය, ප්‍රක්ෂේපනය, සෙවනැලි හා කෘතිය තුළට ගමන් කිරීමේ හැකියාව ආදී දේ පදනම් කරගෙන දෘශ්‍ය කලා ශිල්පීන්ට එහිදී පුළුල් පරාසයක් ආවරණය කිරීමට අවශ්‍යව තිබේ. එහිදී එය ස්පර්ශ කිරීමට, ඇසීමට, දැනීමට, සුවඳ දැනීමට හැකි දෙයක් බවට පත්කර ඇත.

මෙවන් ගුණාංගයන් සහිතව නිර්මාණ මාධ්‍යයක් ලෙස භාවිතාවේ ඇති ස්ථාපන කලා විශේෂිත පරිසරයක් තුළ සෞන්දර්යාත්මක හෝ සංවේදක අත්දැකීමක් නිර්මාණය කෙරෙන අතර බොහෝ විට ප්‍රේක්ෂකයා කෘතිය වෙත සක්‍රියව සම්බන්ධ කර ගැනීමට ආරාධනය කරයි.

මාතෘකා