ලෝක සිතියම වෙනස් කළ මිනිස්සු 15

 ඡායාරූපය:

ලෝක සිතියම වෙනස් කළ මිනිස්සු 15

ලෝක ගෝලයේ උතුරු කොටස හෙවත් උත්තර ද්‍රැවය අධිකතර සීත කලාපයකි. මිනිස් ඇසුරෙන් දුරස්ව තිබූ ලෝක ගෝලයේ උත්තර ප්‍රදේශය කරා ළඟා වූ මුල්ම සමුද්‍ර ගවේෂකයා වන්නේ නෝර්වේජියානු නාවුක, රොබට් පෙරීය. අයිස් කඳු, ගැලිසියර, අයිස් තට්ටුවකින් වැසුණු සාගර කොටස් මෙන්ම ගංගාද පිහිටි උත්තර ද්‍රැවය මිනිස් වාසයට අහිතකර ප්‍රදේශයක් විය. අයහපත් පාරිසරක සාදක මැද්දේ වුවද දිරියෙන් තෙදවත් සමුද්‍ර ගවේශකයෝ එම ප්‍රදේශය ලෝක සිතියමට ඈඳා දී වෙනුවන් අගනා උත්සාහයක නිරත වූහ. ඒ අතර මූලිකයා වූයේ පෙරීය.

රොබට් පෙරී හෙළි කර දුන් නව ලෝකයට ඉන්පසුව ඇතුළු වූවෝ, ඩග්ලස් මෙව්සන්, ජොන් රෝස් සහ ජෝර්ජ් බැක් නම් වූ නාවුකයෝය. 17 වන ශත වර්ෂය වනවිට උත්තර ද්‍රැවය ලෝක සිතියමට ඈඳාගත් මේ නාවුකයින් අතර සිටි ජෝන් ෆ්රුන්ක්ලීන් නම් නාවුකයා, උත්තර ද්‍රැවයට පා තැබූ පළමු මිනිසා ලෙසින් ඉතිහාසගත විය.

නෝර්වේ රාජ්‍යයත්, එංගලන්තයත්, රුසියාවත් මෙම කලාපයේ සිය ගවේෂණයන් පුළුල් කළ බැවින් නොබෝ කලෙකින්ම උත්තර ද්‍රැවය වෙනම මහද්වීපයත් ලෙසින් සිතියම් ගත විණ.

ජනගහණ දත්තවලට වඩා එහි භූමි ප්‍රදේශයෙහි පවතින සුවිශේෂ තත්ත්වය නිසා අද වනවිට මහද්වීපික වටිනාකමක් ඊට ආරෝපණය වී තිබේ.

 

[අනුරසිරි හෙට්ටිගේ මාමා]

 

මාතෘකා