කොළඹ නීති පීඨය හරිත ලොවක් පතයි

 ඡායාරූපය:

කොළඹ නීති පීඨය හරිත ලොවක් පතයි

සියලු ලෝකවාසීන්ගේ හිත සුව පිණිස, හරිත පැහැ ලොවක් අනාගත පරපුරට බිහි කිරීමේ අභිලාෂයෙන්, සොබාදම් හිතැති කොළඹ විශ්වවිද්‍යාලයීය නීති විද්‍යාර්තීන් විසින් අඛණ්ඩව පස්වන වරටත් සංවිධාන කරන Law goes Green 2018 වැඩසටහන පසුගිය 16 ‍ෙවනදා කොළඹ විශ්වවිද්‍යාලය පරිශ්‍රයේදී පැවැත්විණි.

පවතින ගෝලීය පරිසර අර්බුදයන් හමුවේ, නුදුරු අනාගතයේදී මානව වර්ගයාට මුහුණදීමට සිදුවන පාරිසරික ගැටළු පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරමින්, අඛණ්ඩව සිව්වන වරට ක්‍රියාත්මක වුණු මෙම වැඩසටහන සඳහා විශ්වවිද්‍යාල ශිෂ්‍ය ප්‍රජාව මෙන්ම පාසල් ශිෂ්‍ය ප්‍රජාවත් පොදු මහජනතාවත් ඒකාබද්ධ කරගෙන ක්‍රියාත්මක විය. Law goes Green 2018 සමගාමීව, පරිසර හිතකාමී දිවිපෙවෙතක් ගත කිරීම පිළිබඳ මහජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන්, අන්තර් විශ්වවිද්‍යාලයීය සහ පාසල් මට්ටමේ විවාද හා පෝස්ටර් තරගාවලි මෙන්ම මෑතකාලීනව කොළඹ විශ්වවිද්‍යාලයේ නීති විද්‍යාර්ථින්ගේ සිත් කම්පනය කරමින් සමුගත් රොබරෝසියා වෘක්‍ෂයේ මතකයන් යළි පීඨය වෙත ගෙන ඒම ආදී විවිධ ක්‍රියාකාරකම් රැසක් එහිදී සිදු කෙරිණි. මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තන් ලෙස සමාජ ක්‍රියාකාරිනී ඔටාරා ගුණවර්ධන සහ රංගන ශිල්පී තුමිඳු දොඩන්තැන්න සහභාගී විය.

මෙම වැඩසටහනට සමගාමීව කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ සිව්වන වසර සිසුන් විසින් එදින රුක් රෝපණ වැඩසටහනක් උත්කර්ෂවත් ලෙස පැවැත්විය. එහිදී නව වෙබ් අඩවියක් ආරම්භ කරනු ලැබූ අතර සිසුන් විසින් නිර්මාණය කරන ලද බිතුසිතුවමක් ද මෙහි දී නිරාවරණය කරන ලදි. මෙම අවස්ථාවට සමගාමීව එදින සවස සම්මාන උළෙලක්ද පැවැත්වුණු අතර පරිසරවේදී නීතීඥ ජගත් ගුණවර්ධන එහි ප්‍රධාන අමුත්තා ලෙස සහභාගී විය.

මෙහි ඊළඟ අදියර ලෙස විශ්වවිද්‍යාලයේ උපකුලපතිතුමා වන ජේෂ්ඨ කථිකාචාර්ය ලක්ෂ්මන් දිසානායක මහතාගේ මූලිකත්වය මත විශ්වවිද්‍යාලය උද්භිද උද්‍යානයක් බවට පත් කිරීමටද අදහස් කරගෙන සිටී. කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ පීඨාධිපති ඉන්දිරා නානායක්කාරගේ හා ආචාර්ය කෝකිලා කොණසිංහගේ අනුදැනුම යටතේ නීති පීඨයේ සියලුම ආචාර්යවරුන්ගේ හා ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ සහයෝගයෙන්

"Law goes Green 2018" වැඩසටහන පැවැත්විණි.

[නිර්මාණි බණ්ඩාරනායක]

මාතෘකා

 
 
 
රටේ අපරාධ රැල්ල අඩු කිරීමට කළ යුත්තේ ?