විද්‍යාඥයකු වූ කලාකරුවා ලියනාඩෝ ඩාවින්චි

 ඡායාරූපය:

විද්‍යාඥයකු වූ කලාකරුවා ලියනාඩෝ ඩාවින්චි

මොනාලිසා චිත්‍රය නොදන්නා කෙනෙක් නැති තරම්ය. මෙහි නිර්මාපකයා වරෙක ඉංජිනේරුවෙකි. වරෙක උද්භිද විද්‍යාඥයෙකි. මළ සිරුරු කපා බලා කායික විද්‍යාව ඉගැන්වූ විශේෂඥයෙකි.

තවත් විටක ඔහු වාස්තු විද්‍යාඥයෙකි. කාල තුවක්කු යුද ටැංකි නිර්මාණකරුවෙකි. ඔහු අත නොගැසූ කටයුත්තක් නැත. ඔහු අන් කාටවත් කළ නොහැකි හපන්කමක්ද කළේය. ඔහු ලියන දේවල් කියවිය යුත්තේ කන්නාඩියට අල්ලා බැලීමෙනි. වචන රූප වැකි හැමෙකක්ම එසේය. ඔහු සරසවි අධ්‍යාපනයක් නොලැබීය.

" ඇයි එහෙම වෙන්නෙ?"

"මොකක්ද ඊට හේතුව?"

ඔහු ඉගෙන ගත්තේ ඒ අයුරින් සිතීමෙනි. ඔහුගේ නම ලියනාඩෝ ඩාවින්චි ය. 1452 .4.15 දින ඉතාලියේදී උපන්නේය. කුඩා කල ඔහුගේ ප්‍රශ්නවලට පිළිතුරු දීම ගුරුවරුන්ටද ගැටලුවක් විය. මුල්ම ගුවන් යානය අහසට නැංවුණේ 1903 දීය. එහෙත් ඊට බොහෝ කලකට පෙර ලියනාඩෝට මේ සිතුවිල්ල පහළ විය. අහස් යානයක මූලික සැලසුම ඔහු නිර්මාණය කළේය. කිමිදුම් කට්ටලයද ඔහුගේ නිර්මාණයකි. සබ්මැරින් සංකල්පයද ඔහු ඉදිරිපත් කළේය. ඔහු අතින් නිමාණය වූයේ මිනිස් සිරුර හා යන්ත්‍ර සූත්‍ර පමණක් නොවේ. මොනාලිසා වැනි විශිෂ්ට නිමාණද ඒ අතර වේ. ඔහු විවේක කාලය ගත කළේ චිත්‍ර ඇඳීමෙන් හා සංගීතයෙනි. 1527.5.2 දා ඔහු මිය ගියේය.

රන්ජන් ප්‍රනාන්දු මාමා.

මාතෘකා

 
 
 
රටේ අපරාධ රැල්ල අඩු කිරීමට කළ යුත්තේ ?