සමන් කළුආරච්චිගේ ‘තීන්ත නදිය’ 20 වෙනිදා එයි

 ඡායාරූපය:

සමන් කළුආරච්චිගේ ‘තීන්ත නදිය’ 20 වෙනිදා එයි

බ්‍රිතාන්‍ය ජාතික කතුවර පෝල් එම්.එම්. කූපර් ලියූ River of Ink කෘතිය ඇසුරින් සමන් කළුආරච්චි විසින් පරිවර්තනය කරන ලද ‘තීන්ත නදිය’ කෘතිය ජනගත කිරීම මෙම අගෝස්තු 20 වෙනි සඳුදා ප.ව. 3.00ට කොළඹ මහවැලි කේන්ද්‍රයේදී පැවැත්වේ.

එහිදී මහාචාර්ය ජේ.බී. දිසානායක, සිනමාවේදී ජයන්ත චන්ද්‍රසිරි, පෝල් එම්.එම්. කූපර් ආදීහු දෙසුම් තුනක් පවත්වති.


සෝමවීර සේනානායකගේ ස්වයංචරිතාපදානය ‘අපි තවමත් සංසාරේ’ 28 වෙනිදා එළිදකී

ප්‍රවීණ ලේඛක සෝමවීර සේනානායකගේ ජීවන අත්දැකීම් රැගත් ඔහුගේ ස්වයංචරිතාපදානය ‘අපි තවමත් සංසාරේ’ ග්‍රන්ථයේ අලුත්ම මුද්‍රණය මෙම අගෝස්තු 28 වෙනිදා අඟහරුවාදා සවස 3.00ට කොළඹ 7, විජේරාම මාවතේ, සව්සිරිපාය ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.

දයාවංශ ජයකොඩි සමාගමේ ප්‍රකාශනයක් වන මෙම ග්‍රන්ථය එළිදැක්වීම ටෙලි නිර්මාණවේදීන්ගේ සංසදය විසින් සංවිධානය කරනු ලබන සෝමවීර සේනානායක ගුණානුස්මරණ උත්සවයට සමගාමීව පැවැත්වෙන අතර එහි සමරු දෙසුම ප්‍රවීණ මාධ්‍යවේදී ඒ.ඩී. රංජිත් කුමාර මහතා විසින් පවත්වනු ලබයි.


රන්ජන සේනාසිංහගේ ‘ලාංකික රුසියානුවෝ, සාහිත්‍යය සහ විප්ලවය’ දේශනය අද

සම්මානනීය රුසියානු සාහිත්‍ය පරිවර්තක රන්ජන සේනාසිංහ විසින් ‘ලාංකික රුසියානුවෝ, සාහිත්‍යය සහ විප්ලවය’ මැයෙන් පවත්වනු ලබන දේශනය අද (17 වෙනිදා) සවස 4.00ට බොරැල්ල කොටා පාරේ ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා මධ්‍යස්ථානයේදී පැවැත්වේ.

මෙය ත්‍රිකෝණ සංස්කෘතික පදනම සංවිධානය කරයි.

මාතෘකා