"සුනාමි" දෙසැම්බර් 26දා

 ඡායාරූපය:

"සුනාමි" දෙසැම්බර් 26දා

 

සරෝජා, සූරිය අරණ, පුංචි සුරංගනාවි, ස රි ග ම ආදී චිත්‍රපට මෙරට සිනමාවට දායාද කළ ආචාර්ය සෝමරත්න දිසානායකගේ නවතම සිනමා අධ්‍යක්ෂණය "සුනාමි" දෙසැම්බර් සිට ප්‍රදර්ශනය ආරම්භ කරන බව වාර්තා වේ.

ඒ අනුව දෙසැම්බර් 26 වෙනිදා සිට EAP , savoy මණ්ඩලය ඇතුළු දිවයින පුරා සිනමා ශාලා රැසක මෙම සිනමාපටය තිරගත කිරීමට මේ වන වන විට කටයුතු සූදානම් කර ඇත.

2004 වසරේදී මෙරටට බලපෑ සුනාමි ඛේදවාචකයේ එක් සත්‍ය සිදුවීමක් පාදක කර ගනිමින් තිර රචනා වුණු "සුනාමි" සඳහා නේරංජනී ශන්මුගරාජා, දර්ශන් ධර්මරාජ් , හිමාලි සයුරංගි , බිමල් ජයකොඩී, මෙනාරා වීරතුංග, (ළමා) , ස්වේතනි (ළමා) ඇතුළු රංගන ශිල්පීන් ශිල්පිනියන් රැසක් රංගන දායකත්වය ලබා දී තිබේ . ඉහළ පිරිවැයක් දරා නිර්මාණය කරන ලද මෙම සිනමාපටය සිංහල දෙමළ සහ ඉංග්‍රීසි භාෂා ත්‍රිත්වයෙන්ම නිර්මාණය කිරීම විශේෂත්වයකි.

තියේෂා ද සිල්වා

..................................................................................................................................

 

සුනිල සිරිත ඇගයුම් උලෙළ

දෙසැම්බර් 19 වැනිදා

 

සම්මානනීය ප්‍රවීණ සංගීතවේදී විශාරද සුනිල් එදිරිසිංහගේ 70 වෙනි ජන්ම දිනය දෙසැම්බර් මස 19 වැනි දිනට දී තිබේ.

දශක 5ක් ගයන දිවිය සැමරීමත්, 70 වැනි ජන්ම දිනය සැමරීමත් නිමිත්තෙන් විශේෂ ඇගයුම් උළෙලක් උළෙලක් එදින පස්වරු 2.30 ට කොළඹ 7, ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී පැවැත්වේ. එදින සමුද්‍ර වෙත්තසිංහ සංස්කරණය කළ "සුනිල් - දේශයේ අාධ්‍යාත්මික ස්වරය" (ගායන දිවිය පිළිබඳ විදග්ධ ඇගයීම්) හා පුෂ්කර වන්නිආරච්චි සංස්කරණය කළ "සුනිල සිරිත-සුනිල් එදිරිසිංහ දිවිසැරිය" යන කෘති ද්විත්වය එළිදැක්වේ.

මෙම ඇගයුම් උළෙලේදී මහාචාර්ය කෝලිත භානු දිසානායක, ආචාර්ය රත්න ශ්‍රී විජේසිංහ හා මහාචාර්ය ජයන්ත අමරසිංහ යන මහත්වරු කෙටි දෙසුම් පවත්වති. විශාරද සුනිල් එදිරිසිංහයන් එදින අලුත් ගීත දෙකක් ගායනා කරන අතර නව පරපුරේ ජනප්‍රිය ගායක ගායිකාවන් පස් දෙනෙක් විශේෂ ගීත කිහිපයක් විශාරද සුනිල් අමරසිංහගේ සංගීතයට ගායනා කරනු ලබති. උත්සවය ආචාර්ය හසන්ත හෙට්ටිආරච්චි මෙහෙයවනු ලබයි. "සුනිල්", "සුනිල චරිත" කෘති ද්විත්වය සරසවි ප්‍රකාශනයකි.

.....................................................................................................................

 

මධුර ජවනිකා

 

දයානන්ද ගුණවර්ධනයන්ගේ 'මධුර ජවනිකා' නාට්‍යය දෙසැම්බර් මස 15 වැනි දින පස්වරු 3.30ට සහ 7.00ට කොළඹ 7, ලයනල් වෙන්ඩ්ට් රඟහලේදී රඟදැක්වේ . මෙය ජූඩ් ශ්‍රීමාල්ගේ ඉදිරිපත් කිරීමකි.

.....................................................................................................................................................

 

 

කැලණි පාලම

 

ආර්.ආර් සමරකෝන් රචනා කොට අධ්‍යක්ෂණය කළ "කැලණි පාලම" නාට්‍යය දෙසැම්බර් මස 12 වැනි දින පස්වරු 3.30 ට සහ 7.00 ට කොළඹ 7 ලයනල් වෙන්ට්ඩ් රඟහලේදි රඟදැක්වේ.මෙය ජුඩ් ශ්‍රීමාල්ගේ ඉදිරිපත් කිරීමකි.

.....................................................................................................................

 

 

 

කෙටි චිත්‍රපට නිර්මාණ ශිල්පිනියන්්ගේ චිත්‍රපට 08ක් ජාත්‍යන්තර සිනමා උළෙලකට

 

ශ්‍රී ලාංකේය කෙටි චිත්‍රපට නිර්මාණ ශිල්පීන් අටදෙනෙකුගේ නිර්මාණ චීනයේ මැකාඕ නුවර පැවැත්වෙන ජාත්‍යන්තර කෙටි චිත්‍රපට උළෙලක දී ප්‍රදර්ශනය කිරීමට සුදුසුකම් ලබා තිබේ.

සවුන්ඩ් ඇන්ඩ් ඉමේජ් චැලෙන්ජ් ජාත්‍යන්තර සිනමා උළෙලේ (sound and image challenge international festival) Expanded Cinema නම් තරගකාරී නොවන අංශ යටතේ ප්‍රදර්ශනය කිරීමට නියමිත චිත්‍රපට වන්නේ ජාතික සේම ජාත්‍යන්තර වශයෙන් ඇගයීමට පාත්‍ර වූ ලංකා බණ්ඩාරණායකගේ "Dreams weavers and viewers" , අජන්තා විජේවර්ධනගේ " Beneath Two End" , කිත්මිණි හේමචන්ද්‍රගේ " intimacy" අනෝමා වීරසේකරගේ "Letter" අනෝමා වීරසේකරගේ "Blood" යන චිත්‍රපටය.

ඒ අනුව කෙටි චිත්‍රපට දෙසැම්බර් 6 වැනිදා සවස 5 සිට ප්‍රදර්ශනය ආරම්භ කෙරේ. මෙම කෙටි චිත්‍රපට චීනයේ මැකාඕහි ප්‍රදර්ශනය කෙරෙන්නේ පළමුවරටය.

මෙරටින් ඉදිරිපත් කෙරෙන චිත්‍රපට චිත්‍රපට චිත්‍රපට අටෙහි භාරකරු වශයෙන් උළෙලට එක් වන සිනමාවේදිනී ලංකා බණ්ඩාරණායක උළෙලේ කෙටි කෙටි චිත්‍රපට ජූරි මණ්ඩල සාමාජිකාවක ලෙසින් ද කටයුතු කරයි.

Looking into the diversity මැයෙන් වැඩමුළුවක් ද දෙසැම්බර් 06 වැනිදා ඇය විසින් උළෙලට සමගාමීව සිදු කිරීමට නියමිත ය.

සවුන්ඩ් ඇන්ඩ් ඉමේජ් චැලෙන්ජ් ජාත්‍යන්තර සිනමා උළෙල දෙසැම්බර් 03 වැනිදා ආරම්භ කෙරෙන අතර දෙසැම්බර් 10 වැනිදා දක්වා චීනයේ මැකාඕහි ඩොම් පෙද්‍රෝ වී රංගශාලාවේදී පැවැත්වේ.

....................................................................................................................................................

 

ස්වර හංසවිල දෙසැම්බර් 14දා කොස්ගමදී

 

ප්‍රවීණ සංගීතවේදී ලලිත කලාවේදී විශාරද මනෝජ් පීරිස් සංගීත අධ්‍යක්ෂණය කරන 'ස්වර හංස විල' සජීවී ගී ප්‍රසංගය දෙසැම්බර් මස 14 වැනි දින පස්වරු 6.30 ට කොස්ගම ලැවෙන්රෝ ගාර්ඩ්න් හෝටලයේ දී පැවැත්වේ.

විශාරද ටී එම් ජයරත්න , කසුන් කල්හාර , උමාරියා සිංහවංශ ගීත ගායන ගයන ගී ප්‍රසංගය කථනය ප්‍රවීණ ගුවන් විදුලි හා රූපවාහිනී නිවේදක වසන්ත රෝහණගෙනි.

............................................................................................................................................................

 

කොට්ට බබා

අායෙත් පෙන්නනවා

 

ජර්මානු සංස්කෘතික මධ්‍යස්ථානයේ මාසිකව පැවැත්වෙන සිනමා දැක්ම සහ සංවාදයේ දෙසැම්බර් ප්‍රදර්ශනය සඳහා මුවිදු බිනොයිගේ "කොට්ට බබා" තිරගත කිරීමට කටයුතු සුදානම් කර තිබේ.

මෙම චිත්‍රපට ප්‍රදර්ශනය කෙරෙන්නේ දෙසැම්බර් 04 වැනිදා සවස 6ට කොළඹ ජර්මානු සංස්කෘතික මධ්‍යස්ථානයේදීය.

සිනමාවේදී බූඩි කීර්තිසේන සහ සිනමා විචාරක චින්තන ධර්මදාස එදින සිනමා සංවාදයට එක්වන අතර වැඩසටහන මෙහෙයවීම අනෝමා රාජකරුණා විසිනි.

 

[තියේෂා ද සිල්වා]

News Order: 
7
මාතෘකා