ඒ. එම්. කරුණාරත්නගේ ‘දෙකිඳ අරෝව’ 16 දා එළිදකී

 ඡායාරූපය:

ඒ. එම්. කරුණාරත්නගේ ‘දෙකිඳ අරෝව’ 16 දා එළිදකී

‘උදුල මංකඩ’, ‘නවදැල්ල’, ‘කළු ආරච්චිලාගේ කතාව’, ‘නයගරා’ වැනි බොහෝ දෙනෙකුට විෂය නොවූ උපසංස්කෘතීන් පිළිබඳ කතා නිර්මාණය කළ

ඒ. එම්. කරුණාරත්නගේ අලුත්ම ඓතිහාසික නවකතාව ‘දෙකිඳ ආරෝව’ මෙම සැප්. 16 වෙනිදා සවස 2.00ට හෙට්ටිපොල, තිස්සව රජමහා විහාරස්ථානයේදී දොරට වඩී.

දයාවංශ ජයකොඩි සහ සමාගම විසින් ප්‍රකාශයට පත් කරන ලද ‘දෙකිඳ ආරෝව’ දොරට වැඩීමේ උත්සවයේ මුලසුන පූජ්‍ය අත්ථංගනේ ශාසනරතන නාහිමියන් හොබවන අතර සම්මානිත මහාචාර්ය පී.බී. ඒකනායක මහතා ප්‍රධාන දේශනය පවත්වයි.


ජයසිරි අලවත්තගේ කෘති දෙකක් ගැන කතිකාව 16 දා

ජයසිරි අලවත්ත රචනා කළ ‘කාව්‍යාලාප’ විචාර කෘතිය සහ ‘මකරන්ද’ විචාර කෘතියේ දෙවැනි මුද්‍රණය නිකුත් වීම නිමිත්තෙන් එළැඹෙන සැප්තැම්බර් 16 වැනි ඉරිදා සවස 3.00ට නුගේගොඩ මහජන පුස්තකාලයේදී විශේෂ කතිකාවක් පැවැත්වේ. කවිවර ප්‍රකාශන ආයතනය විසින් සංවිධානය කරනු ලබන මේ කතිකාවේ

තිස්ස නිහාල් වික්‍රමසිංහ සහ මහින්ද ප්‍රසාද් මස්ඉඹුල විසින් විශේෂ දෙසුම් පවත්වනු ලබයි.


සුමිත් චාමින්දගේ ‘අනන්තමය නිමේෂයක්’ අද දොරට වඩී

සුමිත් චාමින්ද ලියූ ‘අනන්තමය නිමේෂයක්’ කාව්‍ය සංග්‍රහය අද (14 වෙනිදා) ප.ව. 4.00ට බොරැල්ල එන්.එම්. පෙරේරා මධ්‍යස්ථානයේදී දොරට වඩී. එහිදී පුබුදු ජයගොඩ, කුමාරි කුමාරගමගේ, අචින්ත්‍ය බණ්ඩාර යන අය දෙසුම් පවත්වන අතර ‘අනන්තමය නිමේෂයක්’ විදර්ශන ප්‍රකාශනයකි.


ප්‍රභාත් ජයසිංහගේ ‘ස්වර්ණ කාය’ නිකුත් වේ

ප්‍රභාත් ජයසිංහගේ සිව්වැනි සහ අලුත්ම කෙටිකතා සංග්‍රහය වන ‘ස්වර්ණ කාය’ සරසවි ප්‍රකාශනයක් ලෙස දැන් නිකුත් වී ඇත. පසුගිය වසරේ ‘මකර තොරණ’ කෙටිකතා සංගහය සඳහා හොඳම කෙටිකතා සංග්‍රහයට හිමි සාහිත්‍ය සම්මාන කිහිපයක් දිනාගත් ප්‍රභාත්ගේ මෙම කෘතියද පාඨක, විචාරක අවධානය දිනාගත යුතු කෘතියකි.

 

මාතෘකා