කෝපි එක්ක ලස්සන වෙමු

 ඡායාරූපය:

කෝපි එක්ක ලස්සන වෙමු

කෝපි කියන්නේ විඩාව නිවන පානයක් පමණක් නොව රුව වඩවන ද්‍රව්‍යයක් බව ඇසුවහොත් ඔබ මවිතයට පත්වේවි. නමුත් කෝපිවලින් රුව වැඩිකරන සත්කාර රාශියක් කළ හැකිය. මේ එවැනි සත්කාර කිහිපයක්.

සීනි රහිත කෝපි කෝප්පයක් සාදාගෙන එය නිවෙන්නට හැර ඔබ ස්නානය කරන වතුරට එම කෝපි කෝප්පය එකතු කරන්න. දුර්වර්ණ වුණු සම යළි යථා තත්ත්වයට පත්කර ගැනීමටත් තුනී හිසකෙස් ඝනකම් කරගැනීමටත් මෙම කෝපි ස්නානය උපකාරී වේ.

ස්වාභාවික කෝපි කුඩු මේස හැන්දකට, සීනි තේ හැඳි තුනක්, ඔලිව්, පොල් හෝ ඔබ කැමති තෙල් වර්ගයකින් තේ හැඳි තුනක් එකතු කර හොඳින් මිශ්‍රකර එම මිශ්‍රණයෙන් ඔබේ සම මත වක්‍රාකාරව පිරිමඳින්න.අතේ වැලමිටි, දෙපයේ දණහිස් ආදී ස්ථානවලට වැඩිපුර මෙම සත්කාරය කරන්න. මැරුණු සම ඉවත් කර සමට නැවුම් බවක් ලබාගැනීමට මෙන්ම සමේ වියළි බව නැතිකරගැනීමටත් මෙයින් හැකියාව ලැබෙනවා.

සියුම්ව කුඩු කරගත් කෝපි, කිරි ස්වල්පයක් සමඟ මිශ්‍ර කර තලපයක් සාදාගෙන පිරිසිදු කරගත් මුහුණ මත ආලේප කර විනාඩි තිහක කාලයක් තිබෙන්නට හැර සෝදා හරින්න. මෙම මිශ්‍රණයට බිත්තර සුදු මදයකුත් එකතු කරගැනීමෙන් රැළි වැටෙන, වියපත් වන සමට තරුණ පෙනුමක් ලබාගත හැකිය.

කෝපි කෝප්පයක් සාදාගෙන මඳ උණුසුම් වතුර පිරවූ බේසමකට එය එක්කර ඔබේ දෙපා එම බේසමේ විනාඩි දහයක් පමණ ගිල්වාගෙන ඉන්න. පසුව දෙපා ඉවතට ගෙන හොඳින් පිසදා මොයිස්චරයිසර් වර්ගයක් ආලේප කරන්න. දෙපාවල විඩාව නැතිකර ගැනීමට සහ වියපත්වීම අඩු කිරීමට එය හොඳ සත්කාරයකි.

මාතෘකා