කේට්ගේ අලුත්ම විලාසිතාව

 ඡායාරූපය:

කේට්ගේ අලුත්ම විලාසිතාව

කේම්බ්‍රිජ් හි ආදිපාදවරිය වන කේට් මිඩ්ල්ටන් කියන්නේ ලොව පුරා තරුණියන් සහ කාන්තාවන්ගේ විශේෂ අවධානයට ලක්වූ චරිතයක්. විශේෂයෙන් ඇයගේ ඇඳුම් විලාසිතා බොහෝ දෙනාගේ ආකර්ෂණය දිනාගෙන තිබෙනවා. පසුගියදා කේට් කුමරිය විලියම් කුමරු සමඟ සහභාගි වූ උත්සවයකදී ඇය සැරසී සිටි අලුත්ම විලාසිතාවේ ගවුම බොහෝ දෙනාගේ කතාබහට ලක්වී තිබෙනවා.

ඇත්දළ පැහැයෙන් යුතු මැක්සි විලාසිතාවේ ගවුමක් වූ එය තනි උරහිසක් සහිත එකක්. ගවුමේ උඩු කොටස සරල මෝස්තරයක් වුවත් එය දැකුම්කලු නිමාවක් ගෙනදී තිබුණා.

එම සරල සුන්දරත්වයකින් යුතු එම ගවුම සඳහා කේට් කුමරිය පැලඳ තිබුණේ දියමන්ති අත් පලඳනාවක් සමඟ මුතු කරාබු යුගලක් පමණයි. සුපුරුදු පරිදි සරල හිසකෙස් විලාසිතාවකින් ඇගේ මුහුණට අපූර්වත්වයක් එක්කර තිබුණා.

[ශ්‍යාමලි නිශාන්ති]

මාතෘකා