ලොව ප්‍රකට වූ පැබ්ලෝ පිකාසෝ සීයාගේ ගු වර්නිකා චිත්‍රය

 ඡායාරූපය:

ලොව ප්‍රකට වූ පැබ්ලෝ පිකාසෝ සීයාගේ ගු වර්නිකා චිත්‍රය

වර්ෂ 1937 අප්‍රේල් 26 වැනිදා ජර්මන් සහ ප්‍රංශ මිත්‍ර හමුදාවන් එකතුවෙලා ජනරාල් ෆ්‍රැන්කෝ කියන යුද හමුදා ප්‍රධානියාගේ මූලිකත්වයෙන් යුද්ධ උපාය මාර්ග පෙරහුරුවක් විදිහට දරුණු අපරාධයක් සිදුකළා. ඒ ස්පාඤ්ඤයේ බාස්ක්‍යු ජනපදයේ ගුවර්නිකා නගරයට ගුවනින් එල්ල කළ දරුණු න්‍යෂ්ටික බෝම්බ ප්‍රහාරය. මේ වෙනකොට ඒ ස්පාඤ්ඤ සිවිල් යුද්ධයේ ගොඩක් අමාරුම කාලය. මේ න්‍යෂ්ටික බෝම්බ ප්‍රහාරයෙන් ස්පාඤ්ඤයේ ගුවර්නිකා නගරය සම්පූර්ණයෙන්ම විනාශ වුණා විතරක් නෙවේ නැන්දලා, මාමලා, සීයලා, අත්තම්මලා, අපි වගේ පුංචි අය වගේම සත්ත්ව යාළුවෝ ගොඩක් මැරුණා වගේම තුවාලත් වුණා.

1937දී ලෝක ප්‍රකට චිත්‍ර ශිල්පියකු වුණු පැබ්ලෝ පිකාසෝ සීයා මේ ගුවර්නිකා නගරයට ප්‍රංශ හමුදාව කරපු විනාශය චිත්‍රයට නැඟුවා. ඒ චිත්‍රය ලෝකයේ ගොඩක්ම ජනප්‍රිය වුණා. ඒ යුද්ධයේ වේදනාව සහ ත්‍රාසජනක බව කියැවුණු නිසා. අදටත් යුද්ධයක වේදනාවේ ප්‍රතිමූර්තිය විදියට පිකාසෝ සීයාගේ ගුවර්නිකා චිත්‍රය හඳුන්වනවා.

පිකාසෝ සීයා චිත්‍රය කොටස් කළේ මෙහෙම,

01. මැරුණු දරුවා සමඟ සිටින කාන්තාව

මේ රූපයෙන් අම්මලා යුද්ධයෙන් විඳපු වේදනාව පෙන්වනවා.

02. අහසට අත් දිගු කළ කාන්තාව පහනක් අතින් ගත් කාන්තාව සහ පළා යන කාන්තාව

බෝම්බ දැමීම නිසා ඇතිවුණු ආලෝකමත් ගින්දර අතරේ දුවන දුක්විඳින නැන්දලා මේ රූපයෙන් පෙන්වන්නේ.

03. කුකුළන්ගේ රූපය

වෙළඳපොළ දිනයේදී බෝම්බ දමපු නිසා සත්ත්ව යාළුවෝ බයෙන් පැනලා ගියා වගේම සත්ත්ව යාළුවෝ විඳපු දුක තමයි මේ රූපයෙන් කියැවෙන්නේ.

04. බිම උඩ ඉන්න සොල්දාදුවා

මේ රූපයෙන් ස්පාඤ්ඤ ජනතාව වගේම අලුත් ස්පාඤ්ඤ රටක් වෙනුවෙන් සටන් කළ අය නිරූපණය වුණා.

05. අශ්වයාගේ රූපය

ස්පාඤ්ඤ මිනිසුන්ට පහර දීපු ආකාරය සමහර චිචාරක මාමලා කියන්නේ අශ්වයාගෙන් පිකාසෝ සීයා ෆැසිස්ට්වාදය නිරූපණය කළා කියලා.

06 ගොනාගේ රූපය

පිකාසෝ සීයාගේ යාළුවෙක් වුණු ජුආන් ලාරියා සීයා කිව්වේ දරුණු ප්‍රචණ්ඩත්වයෙන් දුක් විඳපු ස්පාඤ්ඤ මිනිසුන් මෙයින් නිරූපණය කළා කියලා.

මේ විදිහට ගුවර්නිකා චිත්‍රය ස්පාඤ්ඤ සිවිල් යුද්ධයේදි ඒ නැන්දලා මාමාලා විඳපු දුක් වේදනා ලෝකයට පෙන්නුවා. මේ චිත්‍රය ප්‍රදර්ශනය කරන දවසේ මේ විනාශයට නායකත්වය දීපු ජනරාල් ෆ්‍රැන්කෝ එක්ක ඒ බෝම්බ දාපු අයත් ආවා. ඇවිත් ගොඩක් දුකින් පිකාසෝ සීයාගෙන් ඇහුවා, ‘මේක කළේ ඔබද’ කියලා. පිකාසෝ සීයා හිනාවෙලා කිව්වා, ‘මේක ඇන්දේ මම වුණාට මේක කළේ ඔහෙලා’ කියලා. මේ වගේ දරුණු යුද්ධ කවදාවත් වෙන්න එපා කියන එකයි ළමා අපේ පැතුම.

(ස්තූතිය - කථාව කියලා දීපු සබරගමුව විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ කථිකාචාර්ය හිනිදුම සුනිල් සෙනවි මාමාට)

[සහන් රසිඳු හර්ෂණ විජයසිංහ]

07 ශ්‍රේණිය

ශ්‍රී භාරතී බොදු විද්‍යාලය

පැණිදෙණිය - පේරාදෙණිය.

මාතෘකා