බර අඩු කරන ලේසි ක්‍රම

බර අඩු කරන ලේසි ක්‍රම

බර කියන්නේ බොහෝ දෙනකුට තිබෙන ප්‍රශ්නයක්. ඇතැම් අය සිරුරේ බර අඩුවීම හෙවත් කෘශ බවින් පීඩා විඳිද්දී ඇතැම් අය බර වැඩිවීම හෙවත් තරබාරුකමින් පීඩා විඳිනවා. ඒ අතර බහුතර කාන්තාවන්ට තිබෙන්නේ බර වැඩිවීමේ ගැටලුවයි.

බර පාලනය කරගැනීමට ඇතැම් කාන්තාවන් නොකරනා දෙයක් නොමැති තරම්. ආහාර පාලනය සහ ඖෂධ මෙන්ම ව්‍යායාම්ද ඒ අතර වනවා. නමුත් ඒ සෑම දෙයක්ම නිසි පරිදි සිදුකළ යුතුය.

විශේෂයෙන් බර අඩුකර ගැනීමට අනුගමනය කරනා දේවල් දෛනික ජීවන රටාවට එක්කර ගත හැකි ඒවා නම් ඒවා ක්‍රියාත්මක කිරීම ඔබට පහසුවක් ගෙනදෙනවා. මේ එවැනි කරුණු කිහිපයක්.

‍■ නිතර ජලය පානය කරන්න.

■ උදෑසනට බිත්තරයක් ආහාරයට ගන්න.

■ කළු කෝපි පානය කරන්න.

■ හරිත තේ පානය කරන්න.

■ පොල්තෙල්වලින් පිසූ කෑම ආහාරයට ගන්න.

■ සීනි ආහාරයට ගැනීම අවම කරන්න.

■ කාබෝහයිඩ්‍රේට් ආහාර ගැනීම සීමා කරන්න .

■ සෞඛ්‍ය සම්පන්න ආහාර පමණක් නිවසේ ගබඩා කර තබාගන්න.

■ මිරිස් සහිත සැර ආහාර වේලක් ලබාගන්න.

■ ස්වායු ව්‍යායාම්වල (ඇරබික්ස් ව්‍යායාම) නියැළෙන්න.

■ බර එසවීමේ ව්‍යායාම කරන්න.

■ තන්තු අඩංගු ආහාර වැඩිපුර ගන්න.

■ වැඩිපුර එළවළු සහ පලතුරු ආහාරයට ගන්න.

■ ආහාර වේගයෙන්, ඉක්මනින් අනුභව නොකරන්න. සෙමෙන් සපන්න.

■ දිනපතා ප්‍රමාණවත් නින්දක් ලබාගන්න.

■ කෑම පාලනය වෙනුවට සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් ලබාගන්න.

■ නිතරම මනස නිරෝගීව තබාගන්න.

■ ආතතිය පාලනය කරගන්න.

■ නින්දට පෙර මෘදු සංගීතයකට සවන් දෙන්න.

■ සතුටින් නින්දට ගොස් සතුටින් අවදි වන්න.

[ශ්‍යාමලී නිශාන්ති]

මාතෘකා