ITN වෙනස් කතාබහක් - OVER THE SHOULDER

 ඡායාරූපය:

ITN වෙනස් කතාබහක් - OVER THE SHOULDER

ටෙලිවිෂන් සම්මුඛ සාකච්ඡා වැඩසටහන්වලට විචිත්‍ර මානයක් එකතු කරමින්, `OVER THE SHOULDER  වෙනස් කතාබහක්` නමින් නව වැඩසටහනක්, ජනවාරි 12 දා සිට සෑම සිකුරාදාවකම රාත්‍රී 7.00 ට විකාශය කිරීමට ස්වාධීන රූපවාහිනිය සූදානම් වෙයි.

රුක්මල් නිරෝෂ් අධ්‍යක්ෂණය කරන OVER THE SHOULDER වැඩසටහන මෙහෙයවනු ලබන්නේ විමල් කැටිපෙආරච්චි විසිනි.
පළමු වැඩසටහනට සහභාගී වන්නේ ප්‍රවීණ රංගන ශිල්පී සනත් ගුණතිලකය.

මෙම වැඩසටහනට සහභාගී වන ආරාධිතයන් සමග ඔවුන් මෙතෙක් මාධ්‍යයකට හෙළි නොකළ කරුණු අනාවරණය කරගනිමින් ජීවිතය හා සමාජය ගැන `වෙනස් කතාබහක්` ඇතිකරගැනීම, OVER THE SHOULDER අරමුණ වෙයි.

OVER THE SHOULDER වැඩසටහනට අමතරව, 2018 වසර ඇරඹීමත් සමග නව වැඩසටහන් පොකුරක් ප්‍රේක්ෂකයා වෙත තිලිණ කරන්නට ස්වාධීන රූපවාහිනිය සැදී පැහැදී සිටියි.

               

 

    

 

මාතෘකා