‘DFCC සහය’ ක්ෂුද්‍ර මූල්‍ය ණය ක්‍රමය නිසා මගේ ව්‍යාපාරයට විශාල ශක්තියක් ලැබුණා

 ඡායාරූපය:

‘DFCC සහය’ ක්ෂුද්‍ර මූල්‍ය ණය ක්‍රමය නිසා මගේ ව්‍යාපාරයට විශාල ශක්තියක් ලැබුණා

කඩවත- බර්නාඩ් ෂෙල්ටන් මෙන්ඩිස්

සාර්ථකත්වයේ පළමු පියවර යනු යමක් ආරම්භ කිරීම බව ව්‍යාපාරික ලොව ජයගෙන තිබෙන බොහෝ සාර්ථක පුද්ගලයන් විසින් සනාථ කර ඇති සත්‍යයකි. ව්‍යාපාර ලොව ජයගැනීමට උත්සාහය, අධිෂ්ඨානය මෙන්ම කැපවීමද අත්‍යවශ්‍ය වනවා මෙන්ම අභියෝගවලට මුහුණ දීමද කළ යුතුමය. 'දිලෙන පහන්' තුළින් ඔබ හමුවට පැමිණි බොහෝ සාර්ථක චරිත එසේ අභියෝගවලට මුහුණ දී ජයගත් අයය. මෙවර ඔබ හමුවන්නේ සිල්ලර වෙ‍ෙළඳාම තුළින් ජීවිතය ජයගත් කඩවත බර්නාඩ් ෂෙල්ටන් මෙන්ඩිස් මහතාය.

ඔබේ ව්‍යාපාරයේ ආරම්භය ගැන සිහිපත් කරනවා නම්?

මම මෙම ව්‍යාපාරය ආරම්භ කළේ මීට අවුරුදු 15කට පමණ පෙරදීයි. කුඩා සිල්ලර බඩු වෙළෙඳසැලක් තමයි මම මුලින්ම ආරම්භ කළේ. කාලයක් තිස්සේ ව්‍යාපාරය කරගෙන යද්දි මට හිතුණා මෙය තවත් දියුණු කරගත යුතුයි කියලා.

ඒ අදහස ඔබ සඵල කරගන්නේ කොහොමද?

ඒ වන විට මගේ ව්‍යාපාරය තිබුණේ ඉතා කුඩා මට්ටමින්. ඒ නිසා වෙළෙඳසැල විශාල කරලා ඉඩ පහසුකම් ඇතිකරලා තවත් දියුණු කරගැනීමයි මගේ බලාපොරොත්තුව වුණේ. ඒ අදහසින් ඉන්නකොට තමයි මට 'DFCC සහය' ක්ෂුද්‍ර මූල්‍ය ණය ක්‍රමය ගැන දැනගන්න ලැබුණේ.

'DFCC සහය' ක්ෂුද්‍ර මූල්‍ය ණය ක්‍රමය ඒ සඳහා ඔබට අත්වැලක් වුණේ කොහොමද?

මම DFCC බැංකුවේ කඩවත ශාඛාවේ කළමනාකාර මහත්මයා හමුවෙලා මගේ අදහස ඉදිරිපත් කළා. ඒ මහත්වරු ඇවිත් මගේ ව්‍යාපාරය ගැන හොයලා බලලා මගේ ණය යෝජනාවට ණය මුදලක් ලබාදෙන්න එකඟ වුණා. ඒ අනුව මට රුපියල් ලක්ෂ 4ක ණයක් ලබාදුන්නා.

ඉන්පසු අද ඔබේ ව්‍යාපාරය ලබා තිබෙන සාර්ථකත්වය කෙබඳුද ?

ඒ ණය මුදලින් මම ව්‍යාපාරික ස්ථානය වැඩිදියුණු කළා. වැඩිපුර භාණ්ඩ ප්‍රමාණයක් දැන් මගේ වෙළෙඳසැලේ අලෙවි කරනවා. ඒ නිසා වැඩි පාරිභෝගිකයන් පිරිසකට සේවය ලබාදීමටත් ඒ තුළින් ආදායම වැඩිකර ගැනීමටත් මට අවස්ථාව ලැබී තිබෙනවා.

ව්‍යාපාරයක් ආරම්භ කිරීමට බලාපොරොත්තුවෙන් සිටින අයකුට ඔබට දිය හැකි පණිවිඩය කුමක්ද?

මේ වන විට මට වයස අවුරුදු 64ක් වෙනවා. මම ඉතාම සතුටින් මේ ව්‍යාපාරය කරගෙන යනවා. ව්‍යාපාරයක් ආරම්භ කරන්න බලාරොත්තු වන කාටත් මම කියන්නේ DFCC බැංකුවකට ගිහින් 'DFCC සහය' ක්ෂුද්‍ර මූල්‍ය ණය ක්‍රමය තුළින් ණය මුදලක් ලබාගෙන බය නැතිව ව්‍යාපාරය පටන් ගන්න කියලයි. ඒ වගේම මම වගේ ව්‍යාපාරය වැඩි දියුණු කරගන්න බලාපොරොත්තු වන අයටත් මේ ණය ක්‍රමය තුළින් ඒ බලාපොරොත්තුව ඉෂ්ට කරගන්න පුළුවන්. මගේ ව්‍යාපාරය දියුණු වුණේ DFCC බැංකුව නිසයි. ඒ වෙනුවෙන් මම DFCC බැංකුවේ කඩවත ශාඛාවේ කළමනාකාරතුමා ඇතුළු කාර්ය මණ්ඩලයට ස්තුතිවන්ත වෙනවා.

[සුෙර්කා නිල්මිණී ඉලංගකෝන්

-------------------

"කුඩා ව්‍යාපාරිකයන්ගේ අවශ්‍යතා මනාව හඳුනාගෙන කාර්යක්ෂම සුහදශීලී සේවාවක් ලබාදීමට අප කැපවී සිටිනවා"

නදුන් ප්‍රනාන්දු - කළමනාකරු - DFCC කඩවත ශාඛාව

ව්‍යාපාරයක් ඇරඹීමේ සිහිනය යථාර්ථයක් බවට පත්කර ගන්නට විඳින්නට සිදුවන දුෂ්කරතා දන්නේ එවැනි තත්ත්වයකට මුහුණ දුන් පුද්ගලයන්ය. DFCC බැංකුව හඳුන්වාදුන් 'DFCC සහය' ක්ෂුද්‍ර මූල්‍ය ණය ක්‍රමය යනු ව්‍යාපාරික සිහිනය යථාර්ථයක් කරගැනීමට මේ වන විට බොහෝ දෙනකුට අවස්ථාව සලසා දුන් ණය ක්‍රමයකි. කඩවත බර්නාඩ් ෂෙල්ටන් මහතාට DFCC බැංකුවේ කඩවත ශාඛාවෙන් ලබාදුන් සහයෝගය පිළිබඳ එම ශාඛාවේ කළමනාකරු නදුන් ප්‍රනාන්දු මහතාගෙන් අප විමසුවෙමු.

බර්නාඩ් ෂෙල්ටන් මහතා DFCC බැංකුවේ කඩවත ශාඛාවට සම්බන්ධ වෙන්නේ කොහොමද?

ඒ මහතා අපට හමුවුණේ ඉතා ප්‍රාථමික මට්ටමින් තමන්ගේ ව්‍යාපාරය පවත්වාගෙන යමින් සිටියදීයි. ඔහු කරන්නේ සිල්ලර වෙළෙඳාම. එයත් ඉතා කුඩා ස්ථානයක කුඩා පරිමාණයෙන් තමයි ඔහු පවත්වාගෙන ගියේ. ඒ තත්ත්වය තුළයි ඔහු අපේ 'DFCC සහය' ක්ෂුද්‍ර මූල්‍ය ණය ක්‍රමය තුළින් ණය මුදලක් ඉල්ලුම් කළේ.

ඔහුගේ ව්‍යාපෘති යෝජනාවට 'DFCC සහය' ක්ෂුද්‍ර මූල්‍ය ණය ක්‍රමය තුළින් සහයෝගය ලබාදුන්නේ කොහොමද?

අපි ඔහුගේ ව්‍යාපෘති යෝජනාව අධ්‍යයනය කිරීමෙන් පසු ඔහුට ණය මුදලක් ලබාදෙන්න තීරණය කළා. ඔහු ඒ මුදලින් වෙළෙඳසැල අලුත්වැඩියා කරලා අලුත් විදිහට නැවත ආරම්භ කළා. දැන් ඔහුගේ වෙළෙඳසැල පිළිවෙළයි. අලංකාරයි. ඒ වගේම ඔහුගේ අලෙවියත් වැඩිවෙලා තිබෙනවා. ඒ සාර්ථකත්වය ගැන අපි ඉතා සතුටු වෙනවා.

'DFCC සහය' ක්ෂුද්‍ර මූල්‍ය ණය ක්‍රමය යටතේ මේ වන විට කඩවත ශාඛාව තුළින් කී දෙනෙකුට ණය පහසුකම් ලබාදී තිබෙනවාද?

‍මෙම ණය ක්‍රමය ආරම්භ කළේ 2015 වසරේදී. එතැන් සිට මේ දක්වා 200කට අධික ප්‍රමාණයකට ණය පහසුකම් ලබාදී තිබෙනවා. ඒ වගේම අපි මාසයකට 15 දෙනකුට පමණ ණය පහසුකම් ලබාදෙනවා.

එසේ ණය ලබාගෙන ව්‍යාපාර ඇරඹූ ව්‍යවසායකයන් ගැන වැඩි විස්තර කියනවා නම්?

විවිධ ක්ෂේත්‍රවල කුඩා ව්‍යවසායකයන් 'DFCC සහය' ක්ෂුද්‍ර මූල්‍ය ණය ක්‍රමය තුළින් අප සමඟ සම්බන්ධ වී සිටිනවා. ඒ අතර විසිතුරු මල් පැළ වගාකරන්නන්, ලුණු, කුළුබඩු නිෂ්පාදකයන් සහ බෙදාහරින්නන් සහ මුද්‍රණ ක්ෂේත්‍රයේ ව්‍යාපාරිකයන්ද සිටිනවා. විශේෂයෙන් කිවයුතු කරුණක් තමයි කාන්තාවන් මෙම ණය ක්‍රමය ගැන වැඩි උනන්දුවක් දක්වනවා. විශේෂයෙන් රූපලාවණ්‍යාගාර පවත්වාගෙන යන කාන්තාවන් රැසක් මෙම ණය ක්‍රමය තුළින් අලුතින් රූපලාවණ්‍යාගාර ආරම්භ කර තිබෙනවා වගේම වැඩි දියුණු කරගෙන තිබෙනවා.

'DFCC සහය' ක්ෂුද්‍ර මූල්‍ය ණය ක්‍රමය තුළින් කුඩා ව්‍යාපාරිකයන්ට ලැබෙන සහයෝගය කෙසේද ?

DFCC බැංකුව 'DFCC සහය' ක්ෂුද්‍ර මූල්‍ය ණය ක්‍රමය ආරම්භ කළේ තමන්ගේ ව්‍යාපාරයක් ආරම්භ කිරීමට සිහින දකින අය කුඩා පරිමාණ ව්‍යවසායකයන් වෙනුවෙන්මයි. නමුත් ණය මුදලක් ලබාදීම ඉක්මවා ගිය සහයෝගයක් මෙම ණය ක්‍රමය තුළින් අප ඔවුන්ට ලබාදෙනවා. DFCC බැංකුවේ DFCC 'සහය' ක්ෂුද්‍ර මූල්‍ය ණය ක්‍රමය තුළින් අත්වැලක් වන්නට ලැබීම ගැන කාර්ය මණ්ඩලය ලෙස අපි ඉතා සතුටට පත්වනවා.

'DFCC සහය' ක්ෂුද්‍ර මූල්‍ය ණය ක්‍රමය තුළින් ව්‍යවසායකයන්ට ණය මුදලකට අමතරව ලබාදෙන ප්‍රතිලාභ මොනවාද?

ව්‍යාපාරයක් ආරම්භ කිරීමේ බලාපොරොත්තුවෙන් යම් පුද්ගලයෙක් අපට ව්‍යාපෘති යෝජනාවක් ඉදිරිපත් කළ පසු අපි ඒ පුද්ගලයා ව්‍යාපාරය ආරම්භ කිරීමට බලාපොරොත්තු වන ස්ථානයට ගිහින් ඒ පිළිබඳ හොඳ අධ්‍යයනයක් කරනවා. ඔහුගේ යෝජනාව තුළ අප දකින ධනාත්මක පැත්ත වගේම එය තවත් සාර්ථක කරගත හැකි අදහස්ද අපි ඔහුට යෝජනා කරනවා. මෙම ණය ක්‍රමය තුළින් පළමු අවස්ථාවේ ලක්ෂ 5 දක්වා උපරිම ණය මුදලක් ලබාගත හැකියි. එය ක්‍රමාණුකූලව පියවීමෙන් පසු ඊළඟ අදියර සඳහාත් යොමුවිය හැකියි. ඒ තුළින් කුඩා ව්‍යාපාරයක් පියවරෙන් පියවර සාර්ථකත්වය කරා ගෙනයාමට විශාල අත්වැලක් ලැබෙනවා. ණය මුදලක් ලබාදීමෙන් පමණක් එම ව්‍යවසායකයා සහ DFCC බැංකුව අතර තිබෙන සබඳතාව නැතිවන්නේ නැහැ. අපි ඔහුගේ පිටුපසින් සිට අවශ්‍ය අවස්ථාවලදී පසු විපරම් කරමින් ඔහුගේ සාර්ථකත්වය කරා ගෙනයාමට නිබඳව කැපවී සිටිනවා.

විශේෂයෙන්ම 'DFCC සහය' ක්ෂුද්‍ර මූල්‍ය ණය ක්‍රමය ග්‍රාමීය මට්ටමින් කුඩා ව්‍යාපෘති කරන පුද්ගලයන්ට විශාල ශක්තියක් ලබාදෙන්නක් බව කිව යුතුයි. අපි දන්නවා බොහෝ විට කුඩා ව්‍යාවසායකයන්ට විශාල මූල්‍ය ගැටලු තිබෙනවා. ණය මුදලක් ලබාගැනීමේ දුෂ්කරතා තිබෙනවා. ඒ නිසාම තමන්ගේ ගේදොර ඉඩකඩම් පවා විවිධ පුද්ගලයන්ට ඉහළ පොලියකට උකස් කර ණය මුදල් ලබාගන්නවා. ඒ නිසාම ඇතැම් විට බොහෝ පුද්ගලයන් විවිධ ප්‍රශ්නවලට මුහුණ දෙනවා. නමුත් 'DFCC සහය' ක්ෂුද්‍ර මූල්‍ය ණය ක්‍රමය යටතේ වත්කම් ඇපයක් නොමැතිව පුද්ගල ඇප මත පහසුවෙන් ණය මුදලක් ලබාගන්න පුළුවන්. ඒ වගේම අපෙන් ණය ලබාගන්නා ව්‍යවසායකයන්ට ශාඛා මට්ටමින් සහ ප්‍රාදේශීය මට්ටමින් මූල්‍ය උපදේශන සේවාවන් ලබාදෙනවා. ඒ තුළින් ණය මුදල නිසි ලෙස කළමනාකරණය කරගෙන ඒ තුළින් උපරිම ප්‍රයෝජන ලබාගන්න පුළුවන්. ඒ නිසා ව්‍යාපාරයක් ආරම්භ කිරීමේ බලාපොරොත්තුවක් තියෙන ඕනම කෙනෙකුට 'DFCC සහය' ක්ෂුද්‍ර මූල්‍ය ණය ක්‍රමය විශ්වාසයෙන් යුතුව තෝරාගත හැකි බව කිව යුතුයි.

මාතෘකා