Lanka Hospitals Diagnostics අලෙවි තරු අගයයි

 ඡායාරූපය:

Lanka Hospitals Diagnostics අලෙවි තරු අගයයි

Lanka Hospitals Diagnostics(LHDහි දියුණුව උදෙසා වෙහෙසුණු දීප ව්‍යාප්ත ශාඛා ජාලය අතරෙන් හොඳම සේවා මධ්‍යස්ථාන කාර්ය මණ්ඩල හා අලෙවි සංවර්ධන නිලධාරින් ඇගයීමේ ‘Sales Star Awards’ අලෙවි සම්මාන උලෙළ පසුගියදා අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණ.

රන් සම්මාන, රිදී හා ලෝකඩ සම්මාන වශයෙන් එහිදී කාර්ය ශූර LHD කාර්ය මණ්ඩලය වෙත ගෞරව සම්මාන පිරිනැමිණ.

2014 වසරේ සේවා ඇරඹූ Lanka Hospitals Diagnostics ශ්‍රී ලංකාවේ වෛද්‍ය පරීක්ෂණ සේවා ක්ෂේත්‍රයේ ඇති කළ නව පිබිදීම හා ආයතනික සාර්ථකත්වය උදෙසා එහි කාර්ය මණ්ඩලය දැක්වූ අපමණ සහයෝගය මෙලෙස කුසලතා ඇගයීමේ සම්මාන ප‍්‍රදානෝත්සවයක් ලෙස සංවිධානය කිරීමෙහිලා ප්‍රධාන වී ඇත.

සම්මාන උලෙළ පිළිබඳ අදහස් දැක්වූ Lanka Hospitals Diagnostics හි ප්‍රධාන විධායක නිලධාරී ප්‍රදීප් එඩ්වඩ් මහතා, "වෙනස්වන ලෝකයේ තරගකාරීත්වය ජයගනිමින් රෝගීන් වෙත හෘද‍යංගම සේවාවක් ලබාදීමට දිවා රෑ නොබලා වෙහෙසුණු අද දවසේ සම්මානයෙන් ගෞරවයට පාත්‍ර වූ අපගේ දීප ව්‍යාප්ත සේවා ජාලයේ හිතවත් කාර්ය මණ්ඩලයට මා හදවතින්ම සුබ පතනවා. විශාල පරිමාණයේ රසායනාගාර සේවා ජාලයක් Lanka Hospitals Diagnostics සතුව තිබෙන්නේ ඔබ සියලුදෙනාගේ කැපවීම නිසා"යැයි පැවසීය.

සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයේ ලොව නවීනතම වෛද්‍ය පරීක්ෂණ තාක්ෂණය යොදාගනිමින් Lanka Hospitals Diagnostics සිය සේවා ඉටු කරන්නේ අන්තර්ජාතික ප්‍රමිතීන්ට අනුකූලවය. 1,050කට අධික රසායනාගාර පරීක්ෂණ දීප ව්‍යාප්ත Lanka Hospitals Diagnostics ජාලය වෙතින් සිදුකෙරේ. කොළඹ Lanka Hospitals Diagnostics ප්‍රධාන රසායනාගාරය හා සබැඳි 1000කට අධික සාම්පල් එකතුකිරීමේ මධ්‍යස්ථාන ජාලයක් හරහා මුළු දිවයිනම ආවරණය වන පරිදි සිය රසායනාගාර සේවා ක්‍රියාත්මක වේ.

ඇමරිකානු ව්‍යාධිවේදීන්ගේ ආයතනය වන College of American Pathologists (CAP) හි අනුමැතිය ලත් ශ්‍රී ලංකාවේ එකම සෞඛ්‍ය සේවා රසායනාගාරය වේ. Lanka Hospitals Diagnostics දිවයින පුරා පිහිටි වෛද්‍ය රසායනාගාරයන් අතරින් ගෝලීය ස්වර්ණමය තත්ත්ව සහතිකය (Gold Standard in Laboratory Accreditation in the World) හිමිකරගත් එකම රසායනාගාරයද වේ.

එමෙන්ම ශ්‍රී ලංකාවේ වේගයෙන්ම ව්‍යාප්ත වන වෛද්‍ය සේවා රසායනාගාරයට හිමි කීර්තිමත් නාමයද හිමිකරගන්නට සමත්ව සිටින්නේ Lanka Hospitals Diagnostics ය.

මාතෘකා