නිවසම කලඑළි කරන සිංගර් තිළිණය 2018 ලයිෆ් ස්ටයිල් ෆියෙස්ටා

 ඡායාරූපය:

නිවසම කලඑළි කරන සිංගර් තිළිණය 2018 ලයිෆ් ස්ටයිල් ෆියෙස්ටා

සිංගර් ශ්‍රී ලංකා සමාගම වාර්ෂිකව සංවිධානය කරනු ලබන වසරේ දැවැන්තම වෙළෙඳ ප්‍රදර්ශනය වන "සිංගර් ලයිෆ් ස්ටයිල් ෆියෙස්ටා" මෙවරත් BMICHහි සිරිමාවෝ බණ්ඩාරනායක ශාලා පරිශ්‍රයේදී නොවැම්බර් මස 23, 24 සහ 25 යන දිනයන්හි පැවත්වීමට සියලු කටයුතු සංවිධානය කොට ඇත.

පසුගිය වසර 12ක් පුරා ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම වෙළෙඳ නාමය ලෙස පාරිභෝගික ජනප්‍රසාදය අඛණ්ඩව හිමිකරගත් සිංගර් ශ්‍රී ලංකා සමාගම මෙම 2018 වසරේදීත් ලොව විශිෂ්ටතම වෙළෙඳනාම යටතේ එළිදැක්වුණු විවිධ වර්ගයේ සහ විවිධ මාදිලියේ භාණ්ඩ දහස් ගණනක් එකම ස්ථානයකදී දැක බලා අත්විඳ මිලදී ගැනීමේ අවස්ථාව සියලු ශ්‍රී ලංකා වාසීන්ට උදා කරදී ඇත.

ශ්‍රී ලාංකේය වෙෙළඳපළට අනාගතයේ හඳුන්වාදීමට සූදානම් භාණ්ඩ ගණනාවක් මෙවරත් "සිංගර් ලයිෆ් ස්ටයිල් ෆියෙස්ටා" වෙෙළඳ ප්‍රදර්ශනයේදී එළිදැක්වෙන අතර එහිදී ශ්‍රී ලංකාවේ අංක එකේ වෙළෙඳ නාමය වන සිංගර් සමඟින් ඉලෙක්ට්‍රොනික ලොවේ ප්‍රමුඛතම වෙළෙඳ නාමයන් වන සෝනි, සැම්සං, ෂාප්, හිටාචි, ටීසීඑල්, ස්කයිවර්ත් නිෂ්පාදනයන්ද ගෘහ උපකරණ වෙළෙඳ නාම අතර ජනප්‍රිය බෙකෝ, පැනසොනික්, මෝලිනෙක්ස්, ප්‍රෙස්ටීජ්, ටිෆාල්, කෙන්වුඩ් භාණ්ඩද ප්‍රදර්ශනය කෙරෙනු ඇත. ඒ සමගම ලොව සුපතල හුවාවි, ඇපල් සහ සැම්සං වැනි දුරකථන නවීන මාදිලියන්ද ඩෙල්, අසුස් වැනි පරිගණකද ප්‍රදර්ශනය කෙරේ.

ජනප්‍රිය සූපවේදී ඩොන් ෂර්මන් සමඟින් සුජීවා විතාන මහත්මිය පසුගිය වසරවලදී මෙන් මෙවරත් දින තුන පුරා විවිධ කෑම වර්ග සජීවීව පිළියෙල කරන අතර ප්‍රසිද්ධ සංගීත කණ්ඩායම් භාතිය සන්තුෂ් ඇතුළු ජනප්‍රිය ගායක ගායිකාවන් සමඟින් සංගීත ප්‍රසංග ඉදිරිපත් කරනු ඇත. ශ්‍රී ලංකාවේ ඉදිරිපෙළේ මෝස්තර නිරූපිකාවන් සහභාගී වන අතිශයින් ආකර්ෂණීය විලාසිතා දැක්ම සහ කුඩා දරුවන් මෙන්ම වැඩිහිටියන්ද මවිත කරවන මැජික් සංදර්ශනද "සිංගර් ලයිෆ් ස්ටයිල් ෆියෙස්ටා" හි ජනප්‍රිය අංගයන් වේ. එමෙන්ම කුඩා දරුවන්ගේ විනෝදාස්වාදය උදෙසා ළමා ක්‍රීඩා අංගණයක්ද එක් කොට ඇති අතර සිංගර් වෙ‍ෙළඳ කුටිවලට අමතරව පාරිභෝගිකයන්ට අවශ්‍ය අනෙකුත් විවිධ භාණ්ඩ අලෙවි කිරීමට සුළු ව්‍යාපාරිකයන්හටද අවස්ථාව ලබාදී ඇත.

"සිංගර් ලයිෆ් ස්ටයිල් ෆියෙස්ටා" සිංගර් ශ්‍රී ලංකා අලෙවි අධ්‍යක්ෂ කුමා සමරසිංහ මහතාගේ සංකල්පයකි. මෙම භාරදූර කර්තව්‍යයේ පුරෝගාමී නියමුවා ලෙසින් මීට වසර අටකට පෙර ආරම්භ කෙරුණු මෙම ප්‍රදර්ශනය අද වන විට

ශ්‍රී ලාංකිකයන් මෙන්ම විදේශිකයන්ද වැඩිම පිරිසක් සහභාගි වන වසරේ දැවැන්තම ප්‍රදර්ශනය බවට පත්වී හමාරය.

"අපට අවශ්‍ය වුණා ජාත්‍යන්තර වෙළඳ ප්‍රදර්ශනයක අත්දැකීම අපේ රටේ ජනතාවටත් ලබාදෙන්න. දිනෙන් දින අලුත්වන තාක්ෂණයේ මහිමය සහ නව්‍යකරණයේ අරුමය සජීවීව අත්විඳීමේ අවස්ථාව මෙම ප්‍රදර්ශනය තුළින් ඔවුනට ලැබී තිබෙනවා. ඒ එක්කම ලොව අංක එකේ නිෂ්පාදන දැක බලා ගන්නත් ආකර්ෂණීය වට්ටම් සහ දීමනා යටතේ මිලදී ගන්නත් පුළුවන්. මීට අමතරව මෙම ප්‍රදර්ශනය සඳහාම එක් භාණ්ඩයක් මිලදී ගත්විට තවත් වටිනා භාණ්ඩයක් නොමිලේ පිරිනැමෙන යුගල දීමනා ගණනාවක්ද එක්කොට තිබෙනවා.ඉදිරි නව වසර සඳහා නිවසට අවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට වසර පුරා මගබලා සිටිනවා වගේම එළැඹෙන වසරේ විවිධ උත්සව අවස්ථාවන් වෙනුවෙන් තෑගි දීමට භාණ්ඩ මෙහිදී මිලදීගෙන එක් රැස් කිරීමටද බොහෝ අය පුරුද්දක් කරගෙන සිටිනවා. වසරින් වසර මෙහි පැමිණෙන ජනතාවගේ වැඩිවීමත් භාණ්ඩ අලෙවියේ වැඩිවීමත් තුළින් මෙම ප්‍රදර්ශනය ශ්‍රී ලාංකිකයන්ගේ දින දර්ශණයේ එක් ප්‍රධාන අංගයක් බවට පත්ව තිබීම පිළිබඳව අප නිහතමානීව සතුටු වෙනවා." යි කුමා සමරසිංහ මහතා පැවසීය.

මෙහි ප්‍රවේශ පත්‍ර විකිණීමෙන් ලැබෙන ආදායම සිංගර් සමාගමේ ආදායමක් ලෙසින් රඳවා නොගෙන වකුගඩු රෝගයෙන් පීඩාවිඳින ප්‍රදේශවල ජනතාවට පිරිසිදු පානීය ජලය ලබාදීම සඳහා ජල පවිත්‍රක යන්ත්‍ර ලබාදීම සහ එම ප්‍රදේශවල රෝහල් සඳහා වකුගඩු රෝගීන්ගේ රුධිර පවිත්‍රක යන්ත්‍ර ලබාදීම ඇතුළු විවිධ සමාජ සත්කාරක වැඩසටහන් සඳහා යොදවනු ලැබේ.

මාතෘකා