සැමට ගැළපෙන ඇඳුම් විලාසිතා සමඟ නුගේගොඩ Keyana

 ඡායාරූපය:

සැමට ගැළපෙන ඇඳුම් විලාසිතා සමඟ නුගේගොඩ Keyana

ලස්සනට අඳින්න පලඳින්න අප කවුරුත් කැමතිය. නමුත් සියලු දෙනාට ගැළපෙන ඇඳුම් විලාසිතා ඇති ස්ථාන සොයා ගැනීම දුෂ්කරය. කෙනකුගේ ලස්සන කැපී පෙනෙන්නේ, තමන්ගේ පෙනුමට, සමේ පැහැයට, ශරීරයේ හැඩයට ගැළපෙන ආකාරයේ ඇඳුමක් ඇඟ ලා ගත් විටය. එවැනි ඇඳුම් සොයා ගැනීම සමහරෙක්ට විශාල ගැටලුවකි. එම නිසාම උත්සව සමයේ හිතට ගැලපෙන ඇඳුමක් පැලඳුමක් මිලදී ගත හැකි ස්ථාන බොහෝ දෙනා සොයති.

158, හයිලෙවල් පාර, නුගේගොඩ ලිපිනයේ නුගේගොඩ මංසන්ධියේ ගුවන් පාලම අසල පිහිටා ඇති ‘Keyana’ හිතට කැපෙන ඇඳුමක් මිලදී ගැනීමට සුදුසුම ස්ථානයකි. උත්සව සමයේ තෝරාගත් ඇඳුම්වලට 10%යේ සිට 50% දක්වා වට්ටම් පිරිනමන 'Keyana' හි සුවිශේෂත්වය තේරුම් ගැනීමට නම් එයට ගොඩවැදිය යුතුමය.

දෙනෙත් ඉවතට ගන්න නොහිතෙන තරම් අලංකාර ගවුම්, සාරි, කුර්තා, හැන්ඩ් බෑග් වැනි විවිධත්වයෙන් යුතු විශාල එකතුවක් කෙයානා සතුව ඇත. මිලදී ගන්නා ඇඳුමක යම් වෙනසක් කිරීමට පාරිභෝගිකයාට අවශ්‍ය නම් දින දෙකක් ඇතුළත ඇඳුම සකසා දීමද කෙයානා ආයතනය ලබාදෙන විශේෂ සේවාවකි.

මෙම ව්‍යාපාරයේ හිමිකාරිය ඉෂානි ගමගේ මහත්මියයි. ඇය වෘත්තියෙන් නීතිඥවරියකි. එමෙන්ම ඇය පශ්චාත් උපාධිධාරිනියකි. එමෙන්ම ශක්තිමත් ආර්ථිකයකට හිමිකම් කියන ව්‍යාපාරික කාන්තාවකි.

“මාතර ඉඳන් එනකොට අපිට කොළඹ කිසි දෙයක් තිබුණෙ නෑ. මේ හැමදේම කෙටි කාලයක් ඇතුළත මහන්සියෙන් ගොඩනඟා ගත්ත දේවල්. මම ගොඩක් සැලසුම් කරලා වැඩ කරන කෙනෙක්. ඒ වගේ මම යම් තීරණයක් ගන්න කලින් විශ්වාසවන්ත කිහිප දෙනකුගෙන්ම අදහස් විමසනවා. දැන් මේ ව්‍යාපාරය මගේ ජීවිතේ ලොකු කොටසක් වෙලා. ඒ තුළින් මම ජීවිතය විඳිනවා. ප්‍රශ්න, කරදර අභියෝග නම් එනවා. ඒත් ඒ දේවල්වලින් සැලෙන්නෙ නෑ. මම මිනිස්සුන්ට හොඳින් ඇහුන්කම් දෙනවා. පොඩි කාලේ ඉඳන්ම මිනිස්සුන්ට සහ මනුස්සකම්වලට ගරු කරනවා. අවශ්‍ය වෙලාවෙදි තද තීරණ ගන්නවා. අනිත් ආයතනවල වගේම මේ ආයතනයෙත් කාර්යමණ්ඩලයට යම් යම් නීතිරීති තියෙනවා. පළවෙනි දේ තමයි මට මගේ වැඩේ හරියටම කෙරෙන්න ඕන. විසි දෙනෙක් වැඩ කළත් ඒ විසි දෙනාම අද මොකද්ද කරන්නෙ කියන එක ගැන මම ඉන්නෙ අවධානයෙන්. නමුත් මම කැමති නෑ ඒ අය හිර ගෙදරකට එනවා වගේ හැඟීමකින් ඇවිත් මෙතන වැඩ කරනවාට. ඒ නිසාම කාර්යමණ්ඩලයට සතුටින් වැඩ කරන්න පුළුවන් වාතාවරණයක් හදන්න නිතරම උත්සාහ කරනවා.” ඇය පවසන්නීය

තරංග මදුෂාන් මහතා ‘Keyana’හි ශාඛා කළමනාකරුය. ඔහු Keyana හි ඔහුගේ අත්දැකීම් ගැන මෙසේ පැවසීය.

“ඇඟළුම් ක්ෂේත්‍රයේ මම දැනට අවුරුදු 5ක් තිස්සේ වැඩ කරනවා. නමුත් මේ ආයතනයේ වැඩ කරනකොට මට ලැබෙන්නේ වෙනස්ම අත්දැකීමක්. මේ ක්ෂේත්‍රයේ ශාඛා කළමනාකාරයකුට සාමාන්‍යයෙන් ලබන්න බැරි විදිහේ අත්දැකීම් සහ අවස්ථා මට මෙතනදි ලැබුණා. කළමනාකාරීත්වයක් කියන්නේ මොකද්ද? කියන දේ හොඳින් හඳුනා ගනිමින් එතන තියෙන වටිනාකම සහ බරපතලකම හැමදේමත් එක්ක ඒ ගැඹුර හොඳින් අත්වින්දා. හොඳ කණ්ඩායමක් එක්ක අවුරුද්දක් ඇතුළත අපි මේ ඇවිත් තියෙන්නේ ලොකු ගමනක්. මේ ආයතනය ලංකාවේ හොඳ නමක් තියෙන තැනක් කරන්නයි අපි කවුරුත් මහන්සි ගන්නෙ."

ඉෂානි ගමගේ මහත්මිය කලාවට ලැදියාවක් ඇති කාන්තාවකි. ඇය 2010 වසරේදී කල්භාෂි ප්‍රයිවට් ලිමිටඩ් නමින් පළමුවෙන්ම අරඹන්නේ අත්කම් හා සම්බන්ධ කලාත්මක ගෘහ අලංකරණ උපකරණ ව්‍යාපාරයකි. ‘Kalbashi’ ව්‍යාපාරයේ ශාඛාවක් මේ වන විට Keyana පහළ මහළෙහි ස්ථාපිතව ඇත්තේ ගෘහ අලංකරණයට විශේෂ ඇල්මක් දක්වන කලාත්මක පාරිභෝගිකයන් වෙනුවෙන්මය. එමෙන්ම Kalbashi Residencies නමින් සුඛෝපභෝගී මහල් නිවාස 15ක්, ගෘහභාණ්ඩ සහ විදුලි උපකරණ සහිතව කෙටි කාලීනව සහ දිගු කාලීනව කුලියට දීමේ ව්‍යාපාරයක්ද ඇය පවත්වාගෙන යයි. ඒ සම්බන්ධයෙන් සහකාර කළමනාකරු රුවන් වීරසිංහද ඇඳුම් ව්‍යාපාරය සම්බන්ධයෙන් තරංග රූපසිංහ ඇතුළු කාර්යමණ්ඩලය උපරිම දායකත්වයක් ලබා දෙයි. මුල් කාලයේ මෙම ව්‍යාපාර සම්බන්ධයෙන් කුමන ආකාරයේ අභියෝගවලට මුහුණ දීමට සිදු වුවත් ආයතනය අතැර නොගිය එවන් කාර්යමණ්ඩලයක් ආයතන ප්‍රධානියකුට ලැබෙන වටිනාම සම්පත බවය ඉෂානි පවසයි.

ඡායා [තිලිණ දිසානායක]

සටහන [කාංචනා සිරිවර්ධන]

News Order: 
8
මාතෘකා