ශ්‍රී ලංකා ටෙලිකොම් තෛපොංගල් සමරයි

 ඡායාරූපය:

ශ්‍රී ලංකා ටෙලිකොම් තෛපොංගල් සමරයි

ජාතික සන්නිවේදන හා ඩිජිටල් සේවා සැපයුම්කරු වන ශ්‍රී ලංකා ටෙලිකොම් (SLT) සමාගම, අනාගත දරු පරපුර සංස්කෘතික හා ආගමික කටයුතු කෙරෙහි නැඹුරු කරවමින් යහපත් පුරවැසියන් රටට දායාද කිරීමේ අරමුණින් පාසල් දරු දැරියන් සමග එක්ව විශේෂ තෛපොංගල් සැමරුමක් පැවැත්වීය.

ලොව පුරා සිටින හින්දු බැතිමතුන්, තම ගොවිතැනින් ලබා ගන්නා පළමු අස්වැන්න හිරු දෙවියන් වෙත පූජා කරමින් සමරනු ලබන තෛපොංගල් දින සැමරුමට සමගාමීව යාපනය කොලොම්බුතුරෙයි තුරෙයිඅප්පා විද්‍යාලයේදී මෙම උත්සවය පසුගියදා පැවැත්විණි.

තෛපොංගල් යනු සශ්‍රීකත්වය හා සෞභාග්‍ය සමරනු ලබන උත්සවයක් වුවද වරප්‍රසාද නොලත් ග්‍රාමීය ජනතාව ආහාර හා නිසි පෝෂණය නොමැති වීම නිසා මෙවැනි උත්සව නිසි ලෙස සැමරීමට නොහැකිව සිටින බැවින් ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම විසින් මෙම තෛයිපොංගල් සැමරුම වඩාත් අර්ථවත් කිරීමට තෝරාගත් ගම්වැසියන්ට පෝෂණ පැකට් 50ක් බෙදා හැරීමද සිදු කෙරිණි.

තෛපොංගල් සැමරුම් උත්සවයට සමගාමීව, ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය ග්‍රාමීය පාසල්වල තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අධ්‍යාපනය දිරිගැන්වීම සහ සහාය දැක්වීම සඳහා වන අඛණ්ඩ සමාජ සත්කාර ව්‍යාපෘතියට අදාළව පාසලට පරිගණක හා තොරතුරු සන්නිවේදන උපාංග බෙදා හැරීම ඇතුළු ක්‍රියාකාරකම් රැසකින් මෙම උත්සවය සමන්විත විය. උපකරණවලට අමතරව සිසුන්ගේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අධ්‍යාපනයට සහාය වීම සඳහා ශ්‍රී ලංකා ටෙලිකොම් බ්‍රෝඩ්බෑන්ඩ් (SLT Broadband) සම්බන්ධතාවක්ද මෙහිදී නොමිලේම ලබා දෙනු ලැබීය. වසරක කාලයක් සඳහා එයට ගාස්තු අය නොකෙරෙයි.

එමෙන්ම කියවීමේ පුරුද්ද දිරිගැන්වීම සඳහා යාපනය කොලොම්බුතුරෙයි තුරෙයිඅප්පා විද්‍යාලයේ පුස්තකාලයට ඉතා වටිනා පොත්පත් රාශියක් පරිත්‍යාග කළ ටෙලිකොම් සමාගම පාසල වෙත ප්‍රථමාධාර කට්ටලයක්ද පරිත්‍යාග කළේය.

ආර්ථික අපහසුතා සහිත සිසුන් 50 දෙනෙකුට ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා පාසල් බෑග් සහ ලිපි ද්‍රව්‍ය බෙදා දීමක්ද මෙහිදී සිදු කෙරිණි. දක්ෂ සිසුන් ඇගයීම මගින් අනෙක් සිසුන්ද දිරිගැන්වීම හා පෙළඹවීම අරමුණු කරගනිමින් ඉහළ දස්කම් දක්වමින් අධ්‍යාපන කටයුතුවල නිරත දරුදැරියන්, ක්‍රීඩා, නර්තන, ගායනය සහ අනෙකුත් විෂය බාහිර ක්‍රියාකාරකම්වල නියුතු සිසුන්ගේ විශිෂ්ට ක්‍රියාකාරීත්වය ඇගයීමද මෙහිදී සිදු විය.

News Order: 
6
මාතෘකා