Singapore Customer Engagement Forum & Awards වෙතින් මොබිටෙල් සම්මාන හතරක් දිනයි

 ඡායාරූපය:

Singapore Customer Engagement Forum & Awards වෙතින් මොබිටෙල් සම්මාන හතරක් දිනයි

පාරිභෝගිකයා කේන්ද්‍ර කරගැනීම සහ 'ඔබ සමඟයි සැමදා' යන තේමාව අරමුණු කරගත් සේවාව අගයමින් මොබිටෙල් සඳහා පළමු Singapore Customer Engagement Forum & Awards සම්මාන උලෙළේදී රන් සම්මාන දෙකක්, රිදී සම්මාන එකක් සහ ලෝකඩ සම්මාන දෙකක් ප්‍රදානය කළේය.

මෑතකදී සිංගප්පූරුවේ පැවති මෙම සම්මාන උලෙළ සංවිධානය කළේ AMAC Customer Engagement පෞද්ගලික සමාගම සහ ශ්‍රී ලංකාවේ A&A Enterprises ආයතනයයි. ඔවුන්ට ඒ සඳහා සහයෝගය ලබා දීම ACEF Global විසින් සිදු කෙරිණි. ජාත්‍යන්තර වේදිකාවකදී තම පාරිභෝගික සේවා හැකියාව නැවත වරක් ඇගයීමට පාත්‍රවීමට සමගාමීව මෑතකදී මොබිටෙල් ආයතනය ගිනිකොනදිග ආසියා කලාපයේ ඒ හා සමාන තවත් සම්මාන උලෙළවල් රැසකදී සම්මාන දිනාගැනීමට සමත් විය.

පාරිභෝගික සේවා සහ සන්නිවේදන ක්ෂේ්‍ත්‍රයේ මොබිටෙල්හි නව්‍ය එළඹුම ඇගයීමට ලක්කරමින් ඩේටා භාවිතාව සහ පර්යේෂණ කාණ්ඩය යටතේ උපහාර දීමනා සහ සියදිවි හානි කරගැනීම් වැළැක්වීමේ වැඩසටහන්වලට රන් සහ රිදී සම්මාන හිමි විය. එමෙන්ම ඩිජිටල් තාක්ෂණය කරා පරිවර්තනීය එළැඹුම අගයමින් තවත් රන් සම්මානයක් Mobitel Selfcare App වෙත ප්‍රදානය කළේය. සන්නාමයට ළෙංගතු සහ හොඳම වෙළෙඳ ප්‍රචාරණ ව්‍යාපාර කාණ්ඩය යටතේ කෑෂ් බොනැන්සා සඳහා රිදී සන්නාමය සහ මාස්ටර් පැකේජය සඳහා දියත් කළ අලෙවිකරණ ව්‍යයාමය සඳහා ලෝකඩ සම්මානයක්ද හිමි විය.

මේ වසරේදී සිංගප්පූරුව, මැලේසියාව, වියට්නාමය, ශ්‍රී ලංකාව, ඉන්දුනීසියාව සහ ඉන්දියාව ආදී රටවල් හොඳම අලෙවිකරණ මූලිකත්වයන්, නිර්මාණාත්මක ඉදිරිපත්කිරීම්, ක්‍රියාකාරීබව පිරි සහ අලෙවිකරණ මූලිකත්වය ආදී ක්ෂේ්‍ත්‍ර යටතේ ඉල්ලුම් කිරීම් 264ක් පමණ සම්මාන අපේක්ෂාවෙන් සම්මාන උලෙළ සංවිධායකයන්ට ලැබී තිබිණි.

News Order: 
5
මාතෘකා