තාරුණ්‍ය‍යේ විලාසිතාව ඉහළ නංවමින් vivo S1 Pro ශ්‍රී ලංකාවට

 ඡායාරූපය:

තාරුණ්‍ය‍යේ විලාසිතාව ඉහළ නංවමින් vivo S1 Pro ශ්‍රී ලංකාවට

මෙරට ප්‍රමුඛතම ස්මාර්ට්ෆෝන් සන්නාමයක් වන vivo, නව වසරේ තාරුණ්‍යයේ නැවුම් බලාපොරොත්තු දල්වමින් සිය නවතම S1 Pro ස්මාර්ට්ෆෝනය වෙළඳ පොළට හඳුන්වා දෙයි. අති නවීන මෘදුකාංග පද්ධතියකින් සහ අද්විතීය කැමරා පහසුකම්වලින් vivo S1 Pro ස්මාර්ට්ෆෝනය සමන්විත වේ. ඡායාරූපකරණයේ සුපිරි අත්දැකීම් ලබාදීම සඳහා මෙහි ප්‍රධාන කැමරාව 48MP ලෙස නිමවා ඇති අතර අනිකුත් කැමරා පුළුල් කලාපයක් ආවරණය වන පරිදි macro සහ bokeh ආකාරයේ ඡායාරූප ලබාගැනීම සඳහා සකසා තිබේ.

ස්මාර්ට්ෆෝන් ක්ෂේත්‍රයේ පෙරමුණ ගනිමින් මෙහි ඉදිරිපස කැමරාව 32MP වන ආකාරයට නිපදවා ඇති අතර එමඟින් සුපැහැදිලි විචිත්‍ර සෙල්ෆි ඡායාරූප ගැනීමට අවකාශ සැලසෙයි. නවීන තාරුණ්‍යයට ගැලපෙන ආකාරයට නිමවා ඇති vivo S1 Pro ස්මාර්ට්ෆෝනය අති නවීන තාක්ෂණිකාංග රැසකින් සමන්විත වෙයි. තරුණ තරුණියන් ස්මාර්ට්ෆෝනයකින් අපේක්ෂා කරන සියලු තාක්ෂණික විශේෂාංග වලින් සමන්විත vivo S1 Proහි 48MP වන ප්‍රධාන කැමරාව ඊට අවේණික වූ දියමන්ති හැඩය ගත් විලාසිතාවකට අනුව සකසා තිබිම විශේෂතාවකි.

ඉහළ පරාසයේ ස්මාර්ට්ෆෝනයක ඇති විශේෂතා වලින් පරිපූර්ණ vivo S1 Pro ස්මාර්ට්ෆෝනය රුපියල් 54,990ක මිලකට අලෙවි කෙරෙන අතර ආයතනික හා වෘත්තිය අවශ්‍යතා සදහාද ගැලපෙන ආකාරයට නිමවා තිබේ. ඡායාරූප ශිල්පීන්ට, සිසුන්ට සහ සමාජ මාධ්‍ය පරිශිලකයන්ට වැදගත් වන වේගවත් ක්‍රියාකාරීත්වයකින් සහ සුපිරි කැමරා පහසුකම් වලින් මෙම ස්මාර්ට්ෆෝනය සමන්විත වෙයි.

News Order: 
3
මාතෘකා