AIA රක්ෂණ සමාගමෙන් ස්වයංක්‍රිය ඇමතුම් සේවාවක්

 ඡායාරූපය:

AIA රක්ෂණ සමාගමෙන් ස්වයංක්‍රිය ඇමතුම් සේවාවක්

AIA රක්ෂණ සමාගම නොබෝදා සිය වටිනා සේවාලාභීන් වෙත නවතම ස්වයංක්‍රිය ඇමතුම් සේවාවක් හඳුන්වාදීමට කටයුතු කර තිබේ. නවීනතම තාක්ෂණය උපයෝගී කරගනිමින් පූර්ණ ස්වයංක්‍රිය ක්‍රියාකාරීත්වයක් ඇති කටහඬ සමඟින් ප්‍රතිචාර දක්වන මෙම IVR සේවාව සමාගමේ ඇමතුම් මධ්‍යස්ථානය වෙත දිනපතා ලැබෙන ඇමතුම් සඳහා ප්‍රතිචාර දැක්වීමට යොදා ගැනෙනු ඇති අතර මෙවැනි තාක්ෂණයකින් යුත් පද්ධතියක් මෙරට රක්ෂණ හිමියන් වෙත හඳුන්වාදුන් පළමු ජීවිත රක්ෂණ සමාගම AIA රක්ෂණ සමාගමයි.

AIAහි රක්ෂණවර හිමියන්ට දැන් වසර පුරාවට සතියේ ඕනෑම දවසක දිනයේ ඕනෑම වෙලාවක ඔවුන්ගේ රක්ෂණ වාරිකයට අදාළ විස්තර දැන ගැනීමට මෙම සේවාව උපයෝගී කරගැනීමේ හැකියාව ඇත. මෙම පූර්ණ ස්වයංක්‍රිය IVR පද්ධතිය ඔස්සේ සේවාලාභීන්ට ඔවුන්ගේ රක්ෂණවරයට අදාළ විස්තර, එනම් රක්ෂණ වාරික පිලිබඳව මෙන්ම සිය රක්ෂණවරය දැනට සක්‍රියව තිබෙනවාද නැතිද යන බව වැනි දේ දැනගැනීමේ හැකියාව ලැබෙනු ඇත. ඊට අමතරව මෙම සේවාව ඔස්සේ සේවාලාභියා විමසා සිටි විස්තරවලට අදාළ තොරතුරු ඇතුලත් කෙටි පණිවුඩයක් ඔහුගේ හෝ ඇයගේ ජංගම දුරකථනය වෙතද ලැබෙනු ඇත. සතියේ ඕනෑම දිනක පැය 24 පුරාවට මෙම සේවාව ක්‍රියාත්මකව පවතින අතර මින්පසු දුරකතනයේ රැඳී සිටිමින් ඇමතුම් මධ්‍යස්ථාන නියෝජිතයන්ගේ මාර්ගයෙන් තම රක්ෂණවරය ගැන විස්තර අසා දැනගැනීමට සිය වටිනා කාලය වැය කිරීමට සේවාලාභියාට සිදු නොවනු ඇත.

AIA රක්ෂණ සමාගමෙහි මෙම IVR පද්ධතිය නව්‍ය මුහුණුවරකින් හෙබි විශේෂාංග රාශියකින් සමන්විත වේ. මෙම සේවාව මගින් සමාගමට ඇමතුමක් ලැබෙන මොහොතේදීම දුරකථන අංකය ඔස්සේ සේවාලාභියාගේ සියළු විස්තර හඳුනාගැනීමේ හැකියාව ඇති අතර සේවාලාභියාගේ තොරතුරුවල වලංගු බව සොයා බැලීමේ ක්‍රියාවලියට දීර්ඝ කාලයක් ගත කිරීමට දැන් අවශ්‍ය නැත. මෙම විශේෂාංගය මෙරට රක්ෂණ ක්ෂේත්‍රයට පළමුව හදුන්වා දෙන ලද්දේ AIA රක්ෂණ සමාගමයි.

News Order: 
2
මාතෘකා