කොමර්ෂල් බැංකුවෙන් නව තාක්ෂණයෙන් පරිපූර්ණ පෙර-ගෙවුම් ට්‍රැවල් කාඩ්පතක්

 ඡායාරූපය:

කොමර්ෂල් බැංකුවෙන් නව තාක්ෂණයෙන් පරිපූර්ණ පෙර-ගෙවුම් ට්‍රැවල් කාඩ්පතක්

කොමර්ෂල් බැංකුව සිය නවතම බැංකු කාඩ්පත ලෙස විදේශයන්හි සංචාරය කිරීමේදී ගනුදෙනුකරුවන්ගේ අත්දැකීම් සහ පහසුව වැඩිකිරීම සඳහා පෙර-ගෙවුම් ට්‍රැවල් කාඩ්පතක් හඳුන්වා දී තිබේ.

ලෝකයේ ප්‍රමුඛතම ගෙවීම් ජාලය වන වීසා සමග එක්වී එළිදක්වා තිබෙන මෙම කාඩ්පත ඇමරිකානු ඩොලර්, බ්‍රිතාන්‍යය පවුම්, යූරෝ, සිංගප්පූරු ඩොලර් සහ ඕස්ට්‍රේලියානු ඩොලර් යන මුදල් ඒකක සඳහා ලබා ගත හැක. ලෝකය පුරා භාවිතා කිරීම පහසු කිරීම සහ එහි ආරක්ෂාව වැඩි කිරීම සඳහා මෙම කාඩ්පත NFC සහ PIN යෝග්‍යතාවෙන් යුක්තව හඳුන්වා දී තිබේ.

කොම්බෑන්ක් ට්‍රැවල් කාඩ්පත අවුරුදු 18 ඉක්මවන ඕනෑම ශ්‍රී ලාංකිකයෙකුට දිවයින පුරා පිහිටි කොමර්ෂල් බැංකු ශාඛා 268 මගින් සහ සේවා ස්ථානවලින් ලබාගත හැකි බව බැංකුව සඳහන් කරයි. මෙම කාඩ්පත් හිමියා විදේශ ගතවන විට ඔහුට හෝ ඇයට හිමි විදේශ විනිමය දීමනාවට අනුව කාඩ්පතට මුදල් තැන්පත් කළ හැකි අතර නැවත විදේශ ගතවන විට මේ ආකාරයෙන් කාඩ්පතේ වලංගු කාල සීමාව තෙක් මුදල් තැන්පත් කරමින් එය භාවිතා කළ හැකිවේ. මෙම කාඩ්පත ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන විදේශ විනිමය කළමනාකරණ සහ මුදල් විශුද්ධිකරණයට එරෙහි රෙගුලාසිවලට අනුව නිකුත් කර තිබේ.

මෙම පෙර ගෙවුම් ට්‍රැවල් කාඩ්පත විදේශීය රටවලදී මිලදීගැනීම් කිරීමට, අන්තර්ජාල ගනුදෙනු කිරීමට සහ ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රවලින් මුදල් ආපසු ගැනීමට භාවිතා කළ හැකි බව බැංකුව පවසයි. කාඩ්පතේ සඳහන් කර තිබෙන මුදල් ඒකකයෙන් සිදුකරන ගනුදෙනුවල වටිනාකම් ගනුදෙනුකරුවාගේ පෙර ගෙවුම් ගිණුමට හර කරන අතර සියළුම ගනුදෙනු පිළිඳව කෙටි පණිවුඩ දැනුම් දීමක් ගනුදෙනුකරුවාට බැංකුව විසින් එවනු ලබයි. මෙහිදී ගනුදෙනුකරුවාට ගනුදෙනු පිළිබඳ තොරතුරු සහ කාඩ්පතේ ඉතිරි මුදල් පිළිබඳව කොමර්ෂල් බැංකුවේ අන්තර්ජාල බැංකු පහසුකම සහ කොමර්ෂල් බැංකු වෙබ් අඩවියේ තිබෙන විශේෂ වෙබ් පෝර්ටලය තුළින් බලාගැනීමේ හැකියාව ඇත.

News Order: 
1
මාතෘකා