PickMe රියදුරන් 1200කගේ දරුවන් වෙනුවෙන් “නැණ පහන 2019”

 ඡායාරූපය:

PickMe රියදුරන් 1200කගේ දරුවන් වෙනුවෙන් “නැණ පහන 2019”

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම තාක්ෂණික ප්‍රවාහන සේවා විසඳුම් සමාගමක් වන PickMeහි වාර්ෂික ප්‍රජා සත්කාර වැඩසටහනක් වන “නැණ පහන” පසුගියදා අඛණ්ඩව 3 වන වරටත් සංවිධානය කෙරිණි. 2019 දෙසැම්බර් 11 දින කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ මිහිලක මැදුර’හිදී මෙම වැඩසටහන පවත්වන ලදි.

මෙහිදී PickMe සමඟ සම්බන්ධ වී සිටින ත්‍රිරෝද රථ, මෝටර් රථ, ට‍්‍රක් රථ සහ යතුරුපැදි රියදුරන් (මගී හා භාණ්ඩ ප්‍රවාහන සේවා සහ ආහාරපාන බෙදාහැරීම්) 1200කට අධික පිරිසකගේ දරුදැරියන් වෙනුවෙන් ලිපිද්‍රව්‍ය, පාසල් උපකරණ සහ පාසල් බෑගයක් ඇතුළත් වටිනා තෑගි කට්ටලයක් පිරිනැමීම සිදුවිය. එමෙන්ම සමූපකාර රක්ෂණ සමාගම සමඟ අත්වැල් බැඳගෙන, PickMe රියදුරන්ගේ දරුවන් අතරින් 5 වසර ශිෂ්‍යත්ව විභාගය සමත් වූ දරුවන් වෙනුවෙන් වටිනා මුදල් වවුචරද පිරිනමන ලදි.

මෙම වැඩසටහන සම්බන්ධයෙන් අදහස් දක්වමින් PickMe සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ජිෆ්රි සුල්ෆර් මහතා මෙසේ පැවසීය. “පාරිභෝගිකයන් සමඟ ගනුදෙනු කිරීමේදී ඉහළම මට්ටමේ ව්‍යාපාරික හා සමාජීය පරිචයන් අනුගමනය කිරීමට අමතරව අප සෑම විටම අප සමඟ අත්වැල් බැඳගෙන සිටින රියැදුරන්ගේ දරුවන් වෙනුවෙන් අධ්‍යාපනික වටිනාකමකින් යුත් මෙහෙවරක් ඉටුකිරීමට උත්සාහ කරනවා. අපගේ රියදුරු ශ්‍රේණිගත කිරීමේ ක්‍රමය යටතේ ඉහළම ලකුණු ලබාගන්නා රියදුරන් වෙනුවෙන් මෙවැනි ප්‍රජා සත්කාරයන් දියත් කිරීමට අප කටයුතු කරන්නේ ඒ නිසයි.”

මෙම වැඩසටහන සඳහා සුදුසුකම් ලැබීමට නම් රියදුරන් හුදෙක් මූල්‍යම අතින් පමණක් නොව, ක්‍රියාකාරීත්වය හා චර්යාව අතින්ද ඉහළම මට්ටමක් වාර්තා කරගෙන සිටිය යුතුය. අදාළ රියදුරුගේ ක්‍රියාකාරිත්වය සහ ලැබී ඇති පැමිණිලි වැනි කරුණු රැසක් සැලකිල්ලට ගනිමින් රියදුරන් ශ්‍රේණිගත කිරීමේ ලකුණු ක්‍රමය අනුව ප්ලැටිනම් කාණ්ඩයට ඇතුළත් වී සිටින රියදුරන් අතරින් මෙම ප්‍රජා සත්කාරය සඳහා රියදුරන් තෝරා ගැනේ. පාසල් යන වයසේ දරුවන් සිටින, ඔවුන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් වෙහෙස මහන්සි වන සහ එම දරුවන්ගේ අධ්‍යාපනික වියදම් දැරීමට සිදුවී ඇති රියදුරන්ට PickMe නැණ පහන වැඩසටහන ඉමහත් සහනයක් වී ඇත.

මෙම වැඩසටහන යටතේ සුදුසුකම් ලැබූ රියදුරකු වන ජගත් ලසන්ත මහතා මෙසේ අදහස් දැක්වීය. “PickMe මඟින් අපට මගීන්ගේ ආරක්ෂාව සැලසීම සහ වෘත්තිය ගරුත්වය ආරක්ෂා කරගැනීම සම්බන්ධයෙන් හොඳ පුහුණුවක් ලබාදෙනවා. ඒ පුහුණුව ‍ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමට මම සෑම දිනකම උත්සාහ කරනවා. අප යහපත් පුද්ගලයන් බවට පත්වන්නේ එලෙස කටයුතු කිරීම මඟිනුයි. දැනටමත් මම PickMe සමඟම වසර ගණනක් කටයුතු කර තිබෙනවා. මගේ පවුල රැකෙන්නේ මේ රැකියාවෙන් උපයන ආදායමෙන්. අපට හොඳ ජීවනෝපාය මාර්ගයක් සලසා දීමට අමතරව අපගේ දරුවන් වෙනුවෙන් මෙවැනි වැඩසටහනක් වාර්ෂිකව ක්‍රියාවට නැංවීම සම්බන්ධයෙන් PickMe සමාගමට මගේ විශේෂ ස්තුතිය හිමිවිය යුතුයි.”

PickMe යනු තාක්ෂණය පදනම් කරගත් ප්‍රවාහන සේවා සම්පාදක සමාගමකි. ශ්‍රී ලංකාවේ විශාලතම සංවිධිත කුලී රථ එකතුව පවත්වාගෙන යන එම සමාගම ත්‍රිරෝද රථ, කුඩා කාර්, සාමාන්‍ය කාර්, වෑන්, සුඛෝපභෝගී කාර් සහ ට‍්‍රක් රථ වැනි රථවාහන මඟින් විවිධාකාරයේ ප්‍රවාහන සේවාවන් ලබාදෙයි. ඊට අමතරව ආහාරපාන ඇණවුම් කිරීමේ සහ එම ආහාරපාන ගෙනැවිත් භාරදීමේ සේවාවක් වන PickMe Food සේවාව කොළඹ, මහරගම, කොට්ටාව සහ හෝමාගම යන නගරවලත් ඊට අමතරව මීගමුව සහ මහනුවර යන නගරවලත් ක්‍රියාත්මක කිරීමට PickMe සමාගම කටයුතු කර ඇත.

News Order: 
9
මාතෘකා