2020 සඳහා එමිරේට්ස් වෙතින් ‘Fly Better’ විශේෂ ගුවන් ගාස්තු

 ඡායාරූපය:

2020 සඳහා එමිරේට්ස් වෙතින් ‘Fly Better’ විශේෂ ගුවන් ගාස්තු

2020 ජනවාරි 07වැනි අඟහාරුවාදා සිට 2020 ජනවාරි 20වැනිදා දක්වා මිලදීගෙන 2020 ජනවාරි 13 වැනිදා සිට 2020 නොවැම්බර් 30වැනිදා දක්වා සංචාරය කළ හැකියි

මේ අලුත් අවුරුද්දේ ශ්‍රී ලාංකික සංචාරකයින්ට නවමු අත්දැකීමක් එක් කරමින් ලෝකයේ විශාලතම ජාත්‍යන්තර ගුවන් සේවය වන එමිරේට්ස් විසින් ලෝකයේ සුප්‍රසිද්ධ ගමනාන්ත වෙත අඩු පිරිවැයකින් ගමන් කිරීම සඳහා 2020 වසර වෙනුවෙන් ‘Fly Better’ විශේෂ නව ගුවන් ගාස්තු නිවේදනය කර තිබේ.

2020 ජනවාරි 07 වැනි අඟහාරුවාදා සිට 2020 ජනවාරි 20 වැනිදා දක්වා මිලදී ගන්නා ටිකට්පත් සඳහා මෙම විශේෂ ගුවන් ගාස්තු වලංගු වන අතර 2020 ජනවාරි 13 වැනිදා සිට 2020 නොවැම්බර් 30 වැනිදා දක්වා මෙම ගුවන් ටිකට්පත් මගින් සංචාරය කළ හැකි බව ගුවන් සමාගම සඳහන් කරයි. මෙම විශේෂ ගුවන් ගාස්තු පවතින ගුවන් ගාස්තුවලට වඩා 20%ක් දක්වා මිල අඩු කිරීමක් නියෝජනය කරන බව එමිරේට්ස් සමාගම සඳහන් කරයි.

‘එම්රේට්ස් සෑමවිටම කටයුතු කරන්නේ පාරිභෝගිකයාගේ පැත්තේ ඉඳලයි. මෙම විශේෂ ප්‍රවර්ධනය නිර්මාණය කර තිබෙන්නේ තමන්ට පහසු මිලකට අපගේ ‘Fly Better’ අත්දැකීම ලබාගන්නයි,’ යනුවෙන් මෙම ප්‍රවර්ධන වැඩසටහන පිළිබඳව අදහස් දක්වමින් එමිරේට්ස් ගුවන් සේවයේ ශ්‍රී ලංකාවේ සහ මාලදිවයින සඳහා කළාපීය කළමනාකරු චන්දන ද සිල්වා මහතා පැවසීය.

එමිරේට්ස් ගුවන් සේවය 1986 අපේ‍්‍රල් සිට ශ්‍රී ලංකාවේ තම සේවා කටයුතු පවත්වාගෙන යන අතර වර්තමානයේ කොළඹ සිට ඩුබායි දක්වා දිනකට ගුවන් ගමන්වාර 04ක් කි‍්‍රයාත්මක කරමින් මහාද්වීප 06ක ගමනාන්ත 159ක් සඳහා ප්‍රවේශවීමේ පහසුව සපයයි.

News Order: 
4
මාතෘකා