කැලණිය දුරුතු මහා පෙරහැරට මෙවරත් ලංකා බැංකුවේ බැතිබර දායකත්වය

 ඡායාරූපය:

කැලණිය දුරුතු මහා පෙරහැරට මෙවරත් ලංකා බැංකුවේ බැතිබර දායකත්වය

ශ්‍රී කල්‍යාණි රජමහා විහාරස්ථ දායක සභාව මගින් සංවිධානය කරනු ලබන ඓතිහාසික දුරුතු මහා පෙරහැර මෙවරත් උත්සවාකාරයෙන් පැවැත්වීමට කටයුතු යොදා ඇත. සම්ප්‍රදායික නර්තන අංගයන්ගෙන් සමන්විත මෙම පෙරහැර නැරඹීමට දේශීය බැතිමතුන් මෙන්ම විදේශීය සංචාරකයන් දහස් ගණනක් සෑම වසරකම පැමිණෙති. ප්‍රධාන රන්දොලි පෙරහැරට සමගාමීව ධර්ම දේශනා, පිරිත් දේශනා ඇතුලුව විවිධ ආගමික වැඩසටහන් රැසක් ක්‍රියාත්මක වෙයි.

මෙවරත් සුපුරුදු පරිදි ජාතියේ මහා පහන්ටැඹ ලංකා බැංකුව මෙම පෙරහැර සඳහා බැතිබර දායකත්වය දක්වයි. ඒ සඳහා වූ චෙක්පත පසුගියදා ලංකා බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී විධායක නිලධාරී / මහා කළමණාකාර සෙනරත් බණ්ඩාර මහතා විසින් දියවඩන නිළමේ ධම්මික ආටිගල මහතා වෙත පිරිනමනු ලැබීය. කැලණි රජමහා විහාරයේ විහාරාධිපති ආචාර්ය කොල්ලොපිටියේ මහින්ද සංඝරක්ඛිත නා හිමියන් ඇතුළු සම්භාවනීය පිරිසක් මෙම අවස්ථාව සඳහා සහභාගී වූහ.

දේශයේ උරුමයන් රැකගනිමින් සිදු කරන මෙවන් ආගමික වැඩසටහන් සඳහා දායකත්වය දක්වන්නට ලංකා බැංකුව සැමවිටම කටයුතු කරන අතර අනාගත පරම්පරාවට මෙමගින් සිය උරුමයන් රැකගන්නට පූර්වාදර්ශයක් දෙනු ලබයි.

News Order: 
2
මාතෘකා