AIA රක්ෂණ සමාගමේ සරත් ජයලාල් MDRT - Top of The Table දිනා ගනී

AIA රක්ෂණ සමාගමේ සරත් ජයලාල් MDRT - Top of The Table දිනා ගනී

AIA රක්ෂණ සමාගම, ඔවුන්ගේ 2018 වසරේ හොඳම අලෙවිකරුවා බවට පත් වූ මහරගම ප්‍රාදේශීය කාර්යාලයේ සරත් ජයලාල් මහතා විසින් 2019 වසර සඳහා රක්ෂණ වෘත්තිකයෙකුට අත්පත් කරගත හැකි අති විශිෂ්ටතම ජයග්‍රහණය වන මිලියන් ඩොලර් වටමේස (MDRT) සාමාජිකත්වයේ ඉහළම ස්ථානය වන Top of The Table (TOT) තත්ත්වය අත්පත් කරගැනීමට සමත්වීම මහත් අභිමානයෙන් සමරයි.

ඔහුගේ මෙම ජයග්‍රහණය, AIA රක්ෂණ සමාගමේ වාර්ෂික අලෙවි සම්මේලනයේදී විශේෂ ඇගයුමට ලක්කරන ලදී. මෙම සම්මේලනයේ දී MDRT සාමාජිකත්වය අත්පත් කරගත් අලෙවි කරුවන්හට විශේෂ ස්ථානයක් හිමිවන්නේ ඔවුන් රක්ෂණ අලෙවිකරණයේ ලබා ඇති විශිෂ්ට කාර්යසාධනය සඳහායි.

සරත් ජයලාල් මහතා 2014 වසරේ සිට මේ දක්වා නොකඩවා MDRT සාමාජිකත්වය සඳහා සුදුසුකම් ලබාගෙන ඇති අතර 2018 වසර සඳහා “Court of The Table” (COT) තත්ත්වයත් 2019 වසර සඳහා “Top of The Table” (TOT) තත්ත්වයත් අත්පත් කරගන්නා ලදී. COT තත්ත්වය ලඟාකර ගැනීම සඳහා වන නිර්ණායකය වන්නේ MDRT ඇගයීම සඳහා අවශ්‍ය වන මූලික සුදුසුකම මෙන් තුන්ගුණයක් ඉක්මවා පළමු වසරේ වාරික සඳහා වන වාර්ෂික කොමිසම් ආදායමක් ලබා ගැනීමට හැකි වීමයි. එමෙන්ම ඉහළම තත්ත්වය වන TOT සඳහා MDRT ඇගයීම සඳහා අවශ්‍ය වන මූලික සුදුසුකම මෙන් හය ගුණයක් ඉක්මවා පළමු වසරේ වාරික සඳහා වන වාර්ෂික කොමිසම් ආදායමක් ලබා ගැනීමට හැකිවිය යුතුයි. මෙහිදී විශේෂයෙන් සඳහන් කලයුතු කරුණ වන්නේ TOT තත්ත්වයට උරුමකම් කියූ එකම අලෙවිකරුවා බවට පත්වීමට භාග්‍ය ලබාගත්තේ සරත් ජයලාල් වන බවයි. ඊට අමතරව ඔහු 2019 වසර සඳහා ජාත්‍යන්තර තත්ත්ව සම්මානයෙන් ද (IQA) පිදුම් ලැබීය.

News Order: 
1
මාතෘකා