නිමාටෝ වෙතින් බ්ලූටූත් හෙල්මට් එකක්

 ඡායාරූපය:

නිමාටෝ වෙතින් බ්ලූටූත් හෙල්මට් එකක්

හෙල්මට් නිෂ්පාදනයේ ප්‍රමුඛතම දේශීය සන්නාමය සහ ලංකාවේ ප්‍රථම හෙල්මට් නිෂ්පාදකයා වන SSG හෙල්මට් නිපදවන නිමාටෝ පෞද්ගලික සමාගම පසුගියදා SLS සහ ISO 9001 : 2015 තත්ත්ව සහතික සහිත සිය නවතම නිෂ්පාදනය වන බ්ලූටූත් තාක්ෂණය සහිත නවීන හෙල්මට් එකක් වෙළෙඳපොළට හඳුන්වා දුන්නේය. මෝටර් බයිසිකලය ධාවනය කරන අතරතුර හෙල්මට් එක හරහාම ජංගම දුරකථනයට පිළිතුරු සැපයිය හැකිවීම මෙහි සුවිශේෂත්වයයි. මාර්ග අනතුරු අවම වීමට මෙය ප්‍රබල හේතුවක් වනු නොඅනුමානය.

ශ්‍රී ලංකාවේ ප්‍රථම හෙල්මට් නිෂ්පාදකයා ලෙස සැලකෙන නිමාටෝ සමාගම 1996දී එක් සේවකයකුගෙන් ඇරඹුවේ වත්මන් අධ්‍යක්ෂ එස්. ගමගේ මහතාය. විදේශවලින් ආනයනය කරන හෙල්මට් සඳහා මෙරට පැවැති වෙළෙඳ ඒකාධිකාරය බිඳ දමමින් ආරක්ෂාව සහ පහසුව උපරිම ලෙස තහවුරු වන විශිෂ්ට නිෂ්පාදනයක් කිරීමට ඔවුන්ට හැක විය. එකල එම හෙල්මට් වෙළෙඳපොළට පැමිණියේ HAWK සන්නාමයෙනි. දශක දෙකකට අධික කාලයක් පුරා ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව නවීන තාක්ෂණය භාවිත කරමින් හෙල්මට් නිර්මාණය කිරීම හේතුවෙන් දිවයින පුරා පාරිභෝගිකයන්ගේ විශ්වාසය දිනූ සන්නාමයක් බව SSG හෙල්මට් පත්ව තිබේ.

"අපගේ නිෂ්පාදනවල තත්ත්වය සහ ගුණාත්මකභාවය වැඩි කරමින් ආරක්ෂාව සහ පහසුව තවත් තහවුරු කරන්න අපි කටයුතු කරනවා. මෙම නවතම බ්ලූටූත් හෙල්මට් එක ඊට කදිම නිදසුනක්. එසේම ඔබ සතු SLS සහතිකය නොමැත SSG හෙල්මට් නැවත ආයතනයට බාරදී SLS සහතිකය සහිත නවතම හෙල්මට් ලබාගන්නා ලෙස ඉල්ලා සිටිනවා.” නිමාටෝ සමාගම පවසයි.

News Order: 
3
මාතෘකා