මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස් වාර්ෂික වාර්තාව CA වර්ගීකරණයේ හොඳම සමාගම් 10 අතරට

 ඡායාරූපය:

මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස් වාර්ෂික වාර්තාව CA වර්ගීකරණයේ හොඳම සමාගම් 10 අතරට

මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස් ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී වාර්ෂික වාර්තාව, ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරවරුන්ගේ ආයතනය විසින් 55 වැනි වරටත් පවත්වන ලද "Annual Report Awards" වාර්ෂික වාර්තා සම්මාන උලෙළේදී හොඳම වාර්ෂික වාර්තා ඉදිරිපත් කළ සමාගම් 10 අතරට තේරී පත්විය.

ශ්‍රී ලාංකේය ව්‍යාපාර ක්ෂේත‍්‍රයේ සමාගම් අතර ව්‍යාපාරික විනිවිදභාවය, ගිණුම් වාර්තා නිසි පරිදි පවත්වා ගැනීම සහ සාමාජීය වගකීම් ඉටු කිරීම් යන නිර්ණායකයන් සලකා බලමින් සම්මාන ප්‍රදානය කෙරෙන, "Annual Report Awards" සම්මාන උලෙළ ශ්‍රී ලංකාවේ ව්‍යාපාර ක්ෂේත‍්‍රයේ උන්නතිය අරමුණු කර ගනිමින් පැවැත්වෙන පැරණිම සම්මාන උලෙළකි. 2019 දෙසැම්බර් මස 04 වැනිදා කොළඹ ෂැන්ග‍්‍රිලා හෝටලයේදී අභ්‍යන්තර වෙළෙඳ සහ පාරිභෝගික සුභසාධන රාජ්‍ය අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සම්මාන උලෙළ සඳහා හිටපු මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතාද එක් විය.

"A Profound Journey" යන මැයින් මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස් ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී ඉදිරිපත් කළ වාර්ෂික වාර්තාව, මූල්‍ය සමාගම් ක්ෂේත‍්‍රයේ සමාගම් අතර රිදී සම්මානයට පාත්‍ර වූයේ 2018/2019 මූල්‍ය වසර වෙනුවෙන් ඉදිරිපත් වූ වාර්ෂික වාර්තා අතරින් හොඳම වාර්ෂික වාර්තා 10 අතරටද ඇතුළත් වෙමිනි. 130කට අධික සමාගම් අතරින් මෙවැනි කීර්තියක් හිමිකර ගැනීමට හැකි වීම මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස් ඈන්ඩ් ෆිනෑන්ස් පීල්සී සතු ව්‍යාපාරික විශිෂ්ඨත්වය කියාපාන තවත් නිර්ණායකයකි.

News Order: 
9
මාතෘකා