AIA රක්ෂණ සමාගමට තවත් Premier Agency Circle කාර්යාලයක්

 ඡායාරූපය:

AIA රක්ෂණ සමාගමට තවත් Premier Agency Circle කාර්යාලයක්

AIA රක්ෂණ සමාගමේ 2 වැනි Premier Agency Circle (PAC) මෙට්‍රෝ කාර්යාලය නොබෝදා කොළඹ 7, AIA Towerහි පිහිටි සමාගමේ ප්‍රධාන කාර්යාල ගොඩනැඟිල්ලේදී විවෘත කෙරිණි. මෙම PAC කාර්යාලයන් විවෘත කරන්නේ පූර්ණ කාලීන අලෙවි බලකායක් ඇති කිරීමේ අරමුණ ඇතිවයි. රක්ෂණ සමාගමක් තුළ පූර්ණ කාලීන අලෙවිකරුවන් බඳවා ගැනීම නවතම සංකල්පයක් වන අතර AIA රක්ෂණ සමාගම ඉතාමත් විධිමත් ක්‍රමයක් ඔස්සේ තෝරාගන්නා මෙම අලෙවිකරුවන් විශේෂ වූ පුහුණු සහ කළමනාකරණ වැඩසටහනකට යොමුකරන අතර එමඟින් කෙටි කාලයක් තුළදී මිලියන් ඩොලර් වටමේස සාමාජිකත්වය (MDRT) සඳහා ඔවුන්ව සූදානම් කරනු ලබයි.

MDRT සාමාජිකත්වය යනු රක්ෂණ අලෙවි වෘත්තිකයකු හට අත්පත් කරගත හැකි ඉහළම සුදුසුකමයි. මෙම PAC කාර්යාල ඔස්සේ ගුණාත්මකබවින් සහ කණ්ඩායම් හැඟීමෙන් ඉහළ අලෙවිකරුවන් පිරිසක් බිහි කිරීමට සමාගම අපේක්ෂා කරයි.

AIA රක්ෂණ සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි නිකිල් අද්වානි මහතා අදහස් දක්වමින් "අප විසින් බඳවා ගන්නා මෙම අලෙවිකරුවන් පිරිසට නවතම තාක්ෂණය භාවිත කරමින්, කඩදාසි භාවිතයෙන් තොර ඔවුන් වෙනුවෙන්ම විශේෂයෙන් නිමවූ පුහුණු මධ්‍යස්ථානයක පුහුණු වීම ලබා දෙනවා. එමෙන්ම AIAහි මෙම PAC අලෙවි බලකාය පූර්ණකාලීන අලෙවිකරුවන් යන සංකල්පයේ පුරෝගාමී කණ්ඩායම බවටත් පත්ව සිටිනවා" යැයි කියා සිටියේය..

මාතෘකා