Lanka Hospitals Diagnostics

 ඡායාරූපය:

Lanka Hospitals Diagnostics

ස්වර්ණමය තත්ත්ව සහතිකයක්

ලොව නවීනතම වෛද්‍ය පරීක්ෂණ තාක්ෂණය යොදා ගනිමින් අන්තර්ජාතික ප්‍රමිතීන් සුරක්ෂිත කළ සේවා ඉටුකරන Lanka Hospitals Diagnostics (LHD) සෞඛ්‍ය සේවා රසායනාගාරය, ව්‍යාධිවේදීන් සඳහා වන ඇමරිකානු අධ්‍යාපන ආයතනය වන khjk College of American Pathologists (CAP) පිරිනමන ගෝලීය ස්වර්ණමය තත්ත්ව සහතිකය (Gold Standard of Laboratory Accreditation) නැවත වරක් හිමිකර ගන්නට සමත්ව සිටියි. Lanka Hospitals Diagnostics සෞඛ්‍ය සේවා රසායනාගාරය, College of American Pathologists (CAP) සහ අන්තර්ජාතික ප්‍රමිති ආයතනයේ (ISO) සහතිකලත් ශ්‍රී ලංකාවේ එකම සෞඛ්‍ය සේවා රසායනාගාරය ලෙස කීර්තිමත් නමක් දිනා ඇත. වාර්ෂිකව අලුත් කෙරෙන මෙම CAP තත්ත්ව සහතිකය 2019 වසරටත් අලූත් කරවා ගන්නට Lanka Hospitals Diagnostics සමත් වූයේ ලොව පුරා CAP සහතික ලත් සෞඛ්‍ය සේවා රසායනාගාර 3000කට අධික සංඛ්‍යාවක් සඳහා එකම ආකාරයකින් බල පැවැත්වෙන පර්යේෂණ ක්‍රමවේදයකින් සාර්ථකව සමත් වෙමිනි.

CAP ජාත්‍යන්තර තත්ත්ව සම්මතයන් අනුව සෑමවිටම උසස්ම තත්ත්වයෙන් යුතු වඩාත් නිරවද්‍ය පරීක්ෂණ වාර්තා ලබා දෙමින්, සුහද කාර්යක්ෂම සේවාවක් ඉටුකරන Lanka Hospitals Diagnostics (LHD) නිරන්තරයෙන් සිය සේවා කුසලතා වැඩිදියුණු කරගනිමින් මෙම ගෝලීය ස්වර්ණමය තත්ත්ව සහතිකය දිනා ගැනීමට අදාළ ප්‍රවීණතා පරීක්ෂණයට සහභාගී වන්නේ 2015 වසරේ සිටය. පසුගිය වසර 2ක කාල සීමාවක් ඇතුලත ආයතනයක් සේවා සම්පාදනයේදී භාවිතා කරන අමුද්‍රව්‍ය, ගබඩා ක්‍රමවේද, උෂ්ණත්ව පාලනය යනාදී අංශයන්ගෙන් ළඟා කරගත් සාර්ථකත්වය මෙම ප්‍රවීණතා පරීක්ෂණයෙන් සොයා බැලෙයි.

මාතෘකා