නේෂන්ස් ට්‍රස්ට් බැංකුව මෙරට ප්‍රමුඛතම සමාගම් 15 අතරට

 ඡායාරූපය:

නේෂන්ස් ට්‍රස්ට් බැංකුව මෙරට ප්‍රමුඛතම සමාගම් 15 අතරට

නේෂන්ස් ට්‍රස්ට් බැංකුව 2018-2019 කාලසීමාව සඳහා වන Business Today Top 3030 ලැයිස්තුවේ 14 වැනි ස්ථානය හිමිකරගැනීමට සමත් වී සිටී. මීට පෙර නේෂන්ස් ට්‍රස්ට් බැංකුව එම ලැයිස්තුවේ 23 වැනි ස්ථානයේ පසුවිය. මීට වසර 20කට ඉහත දී ආරම්භ කරන ලද නේෂන්ස් ට්‍රස්ට් බැංකුව Business Today Top 3030 ලැයිස්තුවට ඇතුළත් වී ඇති සමාගම් අතර කෙටිම ඉතිහාසයක් සහිත සමාගම වීම විශේෂත්වයකි. කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත වී ඇති සමාගම් අතරින් ප්‍රජා සත්කාර ඇතුළුව අනෙකුත් කාර්යභාරයන් සහ ඒවායේ බලපෑම් විශේෂයෙන් සැලකිල්ලට ගනිමින් Business Today Top 3030 ලැයිස්තුව සඳහා සමාගම් තෝරා ගැනේ.

මේ පිළිබඳ අදහස් දක්වමින් නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ අධ්‍යක්ෂිකා/ප්‍රධාන විධායක නිලධාරිනී රේණුකා ප්‍රනාන්දු මහත්මිය මෙසේ පැවසුවා ය. ‘‘මේ ආකාරයට Business Today Top 3030 ලැයිස්තුවේ 14 වන ස්ථානය හිමිකරගැනීමට හැකිවීම අපට ගෞරවයක්. බැංකුවේ ක්‍රමෝපායන් සහ කාර්ය මණ්ඩලයේ කැපවීම වැනි හේතුසාධක නිසා පසුගිය කාලය තුළ කැපීපෙනෙන වර්ධනයක් අත්පත් කරගැනීමට අපට හැකියාව ලැබුණා. මේ ආකාරයට දිගින් දිගටම දියුණුව කරා යන අතර සෑමවිටම ගනුදෙනුකරුවන්ට විශිෂ්ටතම සේවාවක් ලබාදීම අපගේ ඉලක්කයයි. පසුගිය වසර කිහිපය තුළ මේ ආකාරයට අපගේ මෙහෙයුම්වල කාර්යක්ෂමතාව වැඩිකරගනිමින් ගනුදෙනුකරුවන්ට උපරිම පහසුවක් සැලසීම සඳහා නව තාක්ෂණයන් හා ක්‍රමවේද හඳුන්වා දීමට අප විශාල ආයෝජනයන් සිදුකළා. එම ආයෝජනයන්වල ප්‍රතිඵල මේ වනවිට ලැබෙමින් පවතිනවා.” නේෂන්ස් ට්‍රස්ට් බැංකුව දැනටමත් පුළුල් පරාසයක පැතිරුණු සේවාවන් රාශියක් හඳුන්වා දී ඇත. එහි ශාඛා 96 ක් දිවයින පුරා පිහිටුවා ඇති අතර, Lanka Pay ජාලය සමඟ එක්වී ATM යන්ත්‍ර 3700 කට අධික සංඛ්‍යාවක් හරහා සේවාවන් ලබාදෙයි.

මාතෘකා