LMD100 ශ්‍රේණිගත කිරීමෙහි කොමර්ෂල් බැංකුව ෙතවැනියා වෙයි

 ඡායාරූපය:

LMD100 ශ්‍රේණිගත කිරීමෙහි කොමර්ෂල් බැංකුව ෙතවැනියා වෙයි

ශ්‍රී ලංකාවේ ලැයිස්තුගත සමාගම් ශ්‍රේණිගත කිරීම්වලට ලක් කිරීමේ ප්‍රමුඛත්වය දරන ‘LMD 100’ නවතම ශ්‍රේණිගත කිරීම්වලට අනුව කොමර්ෂල් බැංකුව පසුගිය වසරට වඩා ස්ථාන 2ක් ඉදිරියට පැමිණෙමින් මෙවර 3 වැනි ස්ථානය හිමිකර ගැනීමට සමත්ව තිබේ.

ජාත්‍යන්තර Fortune 500 ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලාංකික ස්වභාවයේ ශ්‍රේණිගත කිරීම ලෙස මහත් පිළිගැනීමට ලක්ව ඇති මෙවර 26 වැනි වරටත් සම්පාදනය කරන ලද මෙහි දී කොමර්ෂල් බැංකුව ඉහළින්ම ශ්‍රේණිගත වූ බැංකුව බවට පත් විය.

ආයතන ඇගයීමට ලක් කිරීම සඳහා LMD සඟරාව මගින් සිදුකරන මෙම ලැයිස්තුව විශේෂ සංස්කරණයක් ලෙස 2019 දෙසැම්බර් මස ප්‍රකාශයට පත් කිරීමට නියමිතය..

මූලික වශයෙන් LMD ශ්‍රේණිගත කිරීම් සිදු කරන්නේ සමාගම්වල පිරිවැටුම පදනම් කරගෙන වුවද සඟරාව මගින් සමස්ත වත්කම්, බදු පසු ලාභය, කොටස්කරුවන්ගේ අරමුදල්, වෙළෙඳපොළ ප්‍රාග්ධනායනය, කොටසක් සඳහා ඉපැයීම, කොටසක් සඳහා ලාභාංශ ඇතුළු කාර්ය සාධනයට අදාළ තවත් බොහෝ දර්ශක සැලකිල්ලට ලක් කරමින් අංශ වශයෙන්ද ශ්‍රේණිගත කිරීම් කරනු ලබයි.

නවතම LMD ශ්‍රේණිගත කිරීම් අනුව කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සමාගම් 3 අතරට පත්වීම පිළිබඳ තම අදහස් දැක්වූ බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ එස්. රෙන්ගනාදන් මහතා මෙසේ පැවැසීය. “පසුගිය මූල්‍ය වසර ව්‍යාපාර සඳහා අභියෝගාත්මක එකක් වූ අතර බැංකු ක්ෂේත්‍රය සඳහා එය විශේෂයෙන් බලපෑවා. එවැනි වාතාවරණයක් තුළ සිටි ස්ථානයෙන් තවත් ඉහළට පැමිණීමට හැකිවීම තුළින් බැංකුවේ ශක්තිය මෙන්ම අපහසු කාල වකවානුවන් තුළ දී වුවත් නිසි ලෙස කටයුතු කිරීමට ඇති හැකියාව මනාව තහවුරු වෙනවා. ”

LMD හි නවතම ශ්‍රේණිගත කිරීම් තුළින් මෙරට සියලූ ලැයිස්තුගත බැංකුවලට අමතරව මුල් පෙළේ සමූහ ව්‍යාපාර, විදුලි සංදේශ ආයතන, මහා පරිමාන අලෙවිසැල් ජාල, රක්ෂණ සමාගම් ඇතුළු බොහෝ ආයතන අභිබවා කොමර්ෂල් බැංකුව ඉහළ ස්ථානයකට පැමිණීමට සමත්ව තිබේ.

 

මාතෘකා