හදවතට සුවදායී ජීවන රටාවක් වෙනුවෙන් ෆ්ලෝරා පෙරමුණ ගනී

 ඡායාරූපය:

හදවතට සුවදායී ජීවන රටාවක් වෙනුවෙන් ෆ්ලෝරා පෙරමුණ ගනී

හදවතට සුවදායී ජීවන රටාවකට සියලු ශ්‍රී ලාංකිකයන් හුරු කිරීම සඳහා වන සිය දැක්ම අනුව යමින් ෆ්ලෝරා, 'Joyful Healthism' උලෙළ රාජකීය විද්‍යාලයීය මාස් අංගනයේ දී පැවැත්වීය. සුවිශේෂී යෝගා, ව්‍යායාම සහ සුම්බා සැසි, නැ‍ඟී එන ව්‍යාපාර, මණ්ඩලය සාකච්ඡා මෙන්ම 'Flora Joyful Healthism' අත්පොත ජනගත කිරීමද මෙදින සිදු විය. සියලු වයස් කාණ්ඩවලට අයත් පිරිස් අතර සෞඛ්‍ය සම්පන්න පුරුදුවල වෙනසක් ඇති කිරීම සඳහා ෆ්ලෝරා දක්වන කැපවීම මෙම උලෙළ මගින් තවදුරටත් පිළිබිඹු වෙයි.

"අප ජීවත් වන්නේ බෝ නොවන හෘද රෝග සීග්‍රයෙන් වර්ධනය වෙමින් පවතින යුගයකයි. සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් සහ ක්‍රියාශීලි ජීවන රටාවක් සමගින් හෘද රෝග ඇති වීම දැඩි ලෙස පාලනය කළ හැකියි. තම ආහාර පුරුදුවල කැපී පෙනෙන වෙනසක් ඇති කර ගනිමින් යෝගා, සුම්බා හෝ එවැනි ශරීරයට හිතකර ක්‍රියාකාරකම්වල නියැලෙන ලෙස අප සියලු ශ්‍රී ලාංකිකයන් දිරිමත් කිරීමට පෙරමුණ ගෙන සිටිනවා. මෙම උළෙළ, ශ්‍රී ලාංකිකයන්ගේ ජීවන රටාවේ වෙනසක් ඇති කිරීම සඳහා අප දක්වන උත්සාහයේ තවත් එක් අදියරක් ලෙස හඳුන්වා දිය හැකියි, " යනුවෙන් ෆ්ලෝරා අලෙවි කළමනාකාර ෂෙහානි ලියනගේ මහත්මිය සඳහන් කළාය.

උදෑසන යෝගා, ශරීර සුවතා සහ සුම්බා සැසි රැසකින් ආරම්භ වූ මෙම උලෙළ මණ්ඩලය සාකච්ඡාවකින්ද සමන්විත විය. Spinners Healthy Café අධිපති යසස් හේවගේ මහතා විසින් මෙහෙයවන ලද මෙම මණ්ඩල සාකච්ඡාව සඳහා යෝගා උපදේශිකා රේඛා ක්‍රිෂ්ණමූර්ති මහත්මිය සහ "Tass Fitness" ආයතනයේ කීර්තිමත් සෞඛ්‍ය උපදේශකයකු වන තනුර අබේවර්ධන මහතාද සහභාගී වූහ. හෘද රෝග වලක්වා ගැනීම සඳහා සෞඛ්‍යයට හිතකර ආහාර ලබා ගැනීමේ වැදගත්කමත්, එම ප්‍රයත්නය සඳහා ඔමේගා 3 සහ ඔමේගා 6 වෙතින් හිමිවන දායකත්වයත් මෙහි දී විශේෂයෙන් සාකච්ඡාවට ලක් කෙරිණි. නිරන්තරයෙන් සත්ත්ව ආහාර බහුල, නැවුම් එළවළු සහ පලතුරු අඩු ප්‍රමාණයක් ඇතුළත්වන ආහාර වේල් මෙන්ම අධික ලෙස මත්පැන් පානය කිරීමද හෘද රෝග ඇති වීමට මූලික පදනම බව විශ්‍යාත්මකව තහවුරු කර ඇත.

මාතෘකා