OPPO Reno 2f දැන් ශ්‍රී ලංකාවේ

 ඡායාරූපය:

OPPO Reno 2f දැන් ශ්‍රී ලංකාවේ

OPPO සමාගම සිය නවතම දුරකථන මාදිලිය වන OPPO Reno 2f ඔක්තෝබර් මාසයේදී ශ්‍රී ලංකාවට හඳුන්වා දීමට නියමිතය. ස්මාර්ට් ෆෝන් කලාවේ නව පෙරළියක් ලෙස සැලකිය හැකි ඉතාමත් සුවිශේෂී දුරකථනයක් වන මෙය ශ්‍රී ලාංකිකයන්ගේ නිර්මාණශීලීත්වය පුබුදුවන දුරකථනයක්ද වනු ඇත. ඡායාරූපවල ප්‍රමිතිය බෙහෙවින් ඉහළ නංවන 48MP quad camera setup, රාත්‍රියේදී මිනිස් ඇසට නොපෙනෙන තරම් සියුම් දේවල් පවා ඡායාරූපයට හසුකර ගැනීමට සමත් Ultra Dark Mode සහ විශිෂ්ට තලයේ වීඩියෝ දර්ශන ලබාදෙන Ultra Steady Video වැනි විශේෂාංග රැසක් මෙම දුරකථනයෙහි ඇතුළත් වේ.

OPPO Reno මාදිලියේ පසුබිම

තරුණ පරපුරේ නිර්මාණශීලිත්වය නංවාලීම ඉලක්ක කරගෙන OPPO Reno දුරකථන මාදිලිය හඳුන්වා දෙන ලද්දේ 2019 වසර ආරම්භයේදීය. තාරුණ්‍යයේ රිද්මය සමඟ මුසුවන අති නවීන, අලංකාර නිමාවක් සමඟින් පැමිණි එය තරුණ පරපුරේ රුචිකත්වය මැනවින් හඳුනාගෙන නිර්මාණය කරන ලද්දකි.

OPPO Reno දුරකථන මාදිලිය එකිනෙකට වෙනස් රුචිකත්වයන්ට ගැළපෙන පරිදි දුරකථන මාදිලියක් බවට පත්කිරීමට OPPO සමාගමට අවශ්‍ය විය. නිර්මාණශීලිත්වය ඔප්නැංවීම ඉලක්ක කරගෙන සිදුකරන ලද පෙරළිකාරී හඳුන්වාදීමක් වූ එය පාරිභෝගිකයන්ට තම රුචි අරුචිකම්වලට අනුව සුවිශේෂී අත්දැකීම් තිළිණ කරන දුරකථනයකි. තවද මෙම සුවිශේෂීත්වයේ පණිවිඩය තවදුරටත් ලෝකය වෙත රැගෙනයාම සඳහා ලෝ ප්‍රකට කලාකරුවන් සමඟ අත්වැල් බැඳ ගැනීමටද OPPO කටයුතු කළේය. OPPO Reno මාදිලිය සැබැවින්ම නිර්මාණය වූයේ ඉදිරි දශකය තුළ ස්මාර්ට්ෆෝන් මඟින් පන්නරය ලබන නව මානයකට රැගෙන යන සුවිශේෂී දුරකථනයක් ලෙසිනි. මේ ගමනේ ඉදිරි පියවරක් ලෙස මේ වනවිට OPPO Reno 2 Series දුරකථන හඳුන්වා දීමට OPPO කටයුතු යොදා ඇති අතර මෙමඟින් ඡායාරූපකරණය සම්බන්ධ සාම්ප්‍රදායික ආකල්ප බැහැර කරමින්, නව දැක්මෙන් යුතුව තම කැමරා ඇස මෙහෙයවීමට කාටත් හැකියාව ලැබෙනු නිසැකය.

නිර්මාණශීලීත්වය සමඟ නවීන තාක්ෂණය මුසුකිරීම

OPPO යනු කවදත් ඡායාරූප කලාව සම්බන්ධ සීමාවන් ඉක්මවා යමින් පාරිභෝගිකයන්ට නව මානයන් වෙත තම නිර්මාණශීලී චින්තනය මෙහෙයවීමට දොරටු විවර කර දෙන සමාගමකි. කවදත්, කොතැනත්, කවර ආලෝක තත්ත්වය යටතේ වුවත් සිය සොඳුරු සිතිවිලි අවදි කරමින් මතක සටහන් සදාතනික කරන අයුරින් ඡායාරූප ගැනීමට එමඟින් කොයි කාටත් ඉඩකඩ සැලසේ.

ඡායාරූප ගැනීමේදී ප්‍රතිඵල තරමටද ක්‍රියාවලියද වැදගත් බව OPPO විශ්වාස කරයි. මේ ක්‍රියාවලිය රසවත් එකක් වීම මඟින් නිර්මාණශීලිත්වයේ නිම් වළලු තවත් පුළුල් වේ. Quad camera තාක්ෂණය හඳුන්වා දී ඇත්තේ මේ වෙනුවෙනි. එමඟින් කෙනකුට කෝණ රැසකින් ලෝකය දකිමින්, සුදුසුම කෝණය ඔස්සේ සුදුසුම දර්ශනය කැමරාවට හසුකර ගැනීමට අවස්ථාව ලැබේ.

දැඩි ආලෝකයත් මද අඳුරත් එක සේ හොඳින් කැමරාවට අවනත කරවීමට Ultra Dark Mode සමත් වෙයි. ආලෝකය 1 lux මට්ටමට වඩා අඩුවෙන් පැවතියද AI noise reduction ඇතුළු තාක්ෂණයන් කිහිපයක එකතුවක් මඟින් ඡායාරූපවල තත්ත්වය බෙහෙවින් උසස් කිරීමට OPPO Reno 2f දුරකථනවලට හැකියාව ඇත. මෙහි දෘඪාංග මෙන්ම මෘදුකාංගද සුසර කර ඇත්තේ රාත්‍රියේදී සුපැහැදිලි ඡායාරූප ගැනීමට හැකිවන පරිද්දෙනි. මෙහි ඇති NPU තාක්ෂණය මඟින් මෙම ක්‍රියාවලිය තවත් වේගවත් කරයි.

එපමණක් නොව Hybrid Image Stabilization තාක්ෂණය නිසා ඉතාමත් පැහැදිලි සහ උසස් ලෙස Reno f2 Ultra Steady Video ලබාගත හැකි වේ. මේ නිසා දිවීම, ඇවිදීම, බයිසිකල් පැදීම වැනි ක්‍රියාකාරකම්වල යෙදෙන අතරතුර පවා ස්ථාවර වීඩියෝ දර්ශන ලබාගත හැකි අත‍ර එය ක්‍රියාශීලී ජීවන රටාවන් ඇති අයටද ඉමහත් පහසුවක් වනු නොඅනුමානය.

මාතෘකා