AIA Legend සම්මානය අජිත් ප්‍රනාන්දුට

 ඡායාරූපය:

AIA Legend සම්මානය අජිත් ප්‍රනාන්දුට

AIA ශ්‍රී ලංකා සමාගමේ, වැඩිම සම්මාන ප්‍රමාණයක් නතු කර ගැනීම සඳහා ගෞරවය හිමි, සම්මානලාභි වෙල්ත් ප්ලෑනර් අජිත් ප්‍රනාන්දු, 2019 අලෙවි සමුළුවේ දී AIA Legendසම්මානය දිනා ගත් පළමු සහ එකම වෙල්ත් ප්ලෑනර් බවට පත්වීමෙන් සිය ජයග්‍රහණ ලැයිස්තුවේ තවත් අසමසම සනිටුහනක් තබා ඇත.

වර්ෂ 1995 දී සමාගම හා සම්බන්ධ වූ අජිත්, වසර ගණනාවක් පුරා සේවාලාභීන් 1500 කට ආසන්න සංඛ්‍යාවක් සඳහා ගුණාත්මක උපදෙස් හා මූල්‍ය සැලසුම් සැපයීම තුළින් විශිෂ්ට අලෙවි කාර්යසාධනයක් අත්පත් කර ගැනීමට සමත් වී ඇත. එම කාල සීමාව තුළ සමාගමේ දළ වාරික ආදායම් ඉපයීම් සඳහා රුපියල් බිලියනයකට වඩා වැඩි දායකත්වයක් ලබා දී ඇති ඔහු මිලියන් ඩොලර් රවුන්ඩ් ටේබල් (MDRT) සාමාජිකත්වයෙන් අප රට නියෝජනය කරමින් MDRT ශ්‍රී ලංකා සභාපතිත්වයට පත් පළමු වන්නා ද වේ.

අජිත් සිය වසර 24 ක අති විශිෂ්ට වෘත්තීය ජීවිතය තුළ, වසර 10 ක් පුරා අඛණ්ඩව AIA ශ්‍රී ලංකා රක්ෂණ සමාගමේ 'හොඳම රක්ෂණ අලෙවි කරු සම්මානය' ජයග්‍රහණය කළ අතර, වසර 18 ක් පුරා අඛණ්ඩව ලිම්රා සංගමය (LIMRA) මගින් පිරිනැමෙන ජාත්‍යන්තර තත්ත්ව සම්මානයන් (IQA) දිනා ගෙන ඇත. එපමණක් නොව ඔහු, මෙසේ ප්‍රථම වරට IQA සම්මානයක් දිනා ගත් සහ MDRT ජීවිත සාමාජිකත්වය ලබාගත් පළමු ශ්‍රී ලාංකික රක්ෂණ වෘත්තිකයාද වේ.

මාතෘකා