OPPO Reno 2 F අලෙවිය ඇරඹේ

 ඡායාරූපය:

OPPO Reno 2 F අලෙවිය ඇරඹේ

OPPO Reno 2 F අලෙවිය

ශ්‍රී ලංකාව තුළ ආරම්භ කිරීමේ උත්සවය පසුගියදා ලිබර්ටි ප්ලාසා සාප්පු සංකීර්ණයේදී පැවැත්විණි. OPPO Reno 2 F මාදිලියෙහි විශිෂ්ට ඡායාරූපකරණය වෙනුවෙන්ම සැකසූ quad-camera පද්ධතියක් සමඟ 48MP Ultra clear Main Camera, 8MP Mono Lens, සහ 2MP Mono Lens සහ 2MP Portrait Lens ඇතුළු අංග රාශියක් ඇතුළත් වේ.

මෙරට ජනප්‍රිය තරු දෙකක් වන රවීන් කනිෂ්ක සහ විනු සිරිවර්ධන වෙතින් තම දුරකථන ලබාගැනීමට ප්‍රථම පාරිභෝගිකයන් කිහිප දෙනාට හැකියාව ලැබිණි. මෙම තරු යුවළ OPPO Remo 2 F මෙරටට හඳුන්වා දීමේ පටන්ම ඒ සමඟ අත්වැල් බැඳගෙන සිටියහ. උත්සවයේදී පාරිභෝගිකයන්ට ඔවුන් සමඟ සෙල්ෆි ඡායාරූප ගැනීමේ අවස්ථාව උදා වූ අතර සෑම පාරිභෝගිකයකු වෙතම OPPO තෑගි මල්ලක්ද පිරිනමන ලදි. එමෙන්ම උත්සවයට සහභාගී වූවන්ගේ විනෝදාස්වාදය උදෙසා රවීන් සහ විනුගේ සහභාගීත්වය සහිතව විනෝද තරග කිහිපයක්ද පැවැතිවිණි.

මෙම අවස්ථාවේදී අදහස් දක්වමින් ජනප්‍රිිය ගායක/රංගන ශිල්පී රවීන් කනිෂ්ක මෙසේ පැවසීය. "මම දීර්ඝ කාලයක පටන් OPPO රසිකයෙක්. OPPO හඳුන්වාදෙන විශේෂාංග කවදත් සුවිශේෂයි. මේ අලුත් OPPO Reno 2 F දුරකථන මාදිලිය ඡායාරූප කලාවේ පෙරළියක් සිදුකිරීමට හැකියාව ඇති මාදිලියක් ලෙස හඳුන්වා දීමට පුළුවන්. උදාහරණයක් ලෙස දැඩි අඳුර මැද පවා සුපැහැදිලි ඡායාරූප ලබාදීමට මෙම දුරකථනයට ඇති හැකියාව අතිවිශිෂ්ටයි."

මේ සම්බන්ධයෙන් ජනප්‍රිය රංගන ශිල්පිනී විනු සිරිවර්ධන ආදහස් දැක්වූයේ මෙසේය. “OPPO Reno 2 F දුරකථන මාදිලියේ පෙනුම සහ වර්ණ හරිම ආකර්ෂණීයයි. ඒ වගේම Ultra Steady Video තාක්ෂණය නිසා ඉතාමත් පැහැදිලි වීඩියෝ දර්ශන ලබාගන්නට පුළුවන්. මම කවදත් වීඩියෝ අතිශයින් ප්‍රියකරන කෙනෙක් නිසා මම මේ දුරකථන මාදිලියට හරිම කැමතියි."

ආලෝකය 1 lux මට්ටමට අඩුවෙන් පවතින අවස්ථාවලදී පවා, දෘඪාංග වැඩිදියුණු කිරීම් හා කෘත්‍රිම බුද්ධි තාක්ෂණය භාවිත කරමින් පියවි ඇසේ සීමාවන් ඉක්මවා යමින් රාත්‍රී ඡායාරූප සුපැහැදිලි ලෙස ලබාදීමට OPPO Reno 2 F මාදිලියට හැකියාව ඇත. එම නිසා දැන් එම දුරකථන හිමියන්ට කණාමැදිරියන් සහ ඉටිපන්දම් එළි වැනි දේවල් පවා ඉතාමත් කලාත්මක ලෙස ඡායාරූපයට නැඟිය හැකි වේ.

News Order: 
5
මාතෘකා