Kaspersky වෙතින් 2020ට නවතම ආරක්ෂණ විසඳුම් පෙළක්

 ඡායාරූපය:

Kaspersky වෙතින් 2020ට නවතම ආරක්ෂණ විසඳුම් පෙළක්

සයිබර් ආරක්ෂණයේ දැවැන්තයා Kaspersky විසින් 2020 වසර උදෙසා හඳුන්වාදෙන සිය නවතම ආරක්ෂණ මෘදුකාංග පෙළ Kasperskyහි ශ්‍රී ලාංකේය එකම බලයලත් ව්‍යාපාරික සහකරු වන සවුත් ඒෂියන් ටෙක්නොලොජීස් පුද්ගලික සමාගම (SATL) සමඟ එක්ව පසුගිය ඔක්තෝබර් 23 වැනිදා මාධ්‍ය හමුවකදී මෙරට වෙළෙඳපොළට හඳුන්වා දෙන ලදි.

වෙනස් වෙන ලෝකයේ අභියෝගයන්ට ඉතා සාර්ථකව මුහුණ දියහැකි බලසම්පන්න පරිගණක ආරක්ෂණ මෘදුකාංග සැකසීමෙහිලා නිරන්තරයෙන් වෙහෙසෙන Kaspersky, 2020 වෙනුවෙන් හඳුන්වාදෙන මෙම ආරක්ෂණ විසඳුම් පෙළ හුදු යාවත්කාල කළ නව සංස්කරණයකට වඩා නව විශේෂාංග එකමුතු කළ පරිපූර්ණ මෘදුකාංග පෙළකි.

මෑත කාලයේ පරිගණක දත්ත පද්ධති වෙත බලපෑම් සිදුකළ හැකි විනාශකාරී වැඩසටහන් රැසක් අන්තර්ජාලයේ සංසරණය වෙමින් පවතින්නේ ශක්තිමත් අන්තර්ජාල ආරක්ෂණ මෘදුකාංගයක අවශ්‍යතාව වඩාත් තීව්‍ර කරමිනි. WannaCry, SMBloris වැනි විනාශකාරී පරිගණක වැඩසටහන් සමඟ ක්‍රියාත්මක වන EternalBlue වැනි මාරාන්තික පරිගණක පද්ධති දත්ත සොරාගන්නා පරිගණක වැඩසටහන්වලට සාර්ථක ලෙස මුහුණ දිය හැකි ප්‍රබල ආරක්ෂණ මෘදුකාංගයක් 2020 වෙනුවෙන් Kaspersky හඳුන්වාදෙන්නේ එම කාලීන අවශ්‍යතාව මත පදනම් වෙමිනි.

Kaspersky 2020 නවතම ආරක්ෂණ විසඳුම් පෙළ තවදුරටත් ජනතාවට සමීප කිරීම උදෙසා, සවුත් ඒෂියන් ටෙක්නොලොජීස් පුද්ගලික සමාගම

ශ්‍රී ලාංකිකයන් අතර ජනප්‍රියම අන්තර්ජාල වෙළෙඳපොළ වන Daraz.lk සමඟ අත්වැල් බැඳගෙන සිටියි. මෙම එකමුතුවෙන් 2019 දෙසැම්බර් මස 31 වැනිදා දක්වා අන්තර්ජාලය ඔස්සේ Kaspersky 2020 ආරක්ෂණ විසඳුම් පෙළ ඉතා පහසුවෙන් මිලදී ගැනීමේ අවස්ථාව පාරිභෝගිකයන්ට හිමි වෙයි.

News Order: 
1
මාතෘකා