AIA සමාගමේ අති විශිෂ්ටයන් අගයයි

 ඡායාරූපය:

AIA සමාගමේ අති විශිෂ්ටයන් අගයයි

AIA වාර්ෂික අලෙවි සමුළුව "විශිෂ්ටත්වය හඹා යන්නෝ" යන තේමාව යටතේ කොළඹ ෂැන්ග්‍රිලා හෝටලයේදී නොබෝදා අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. දිවයිනේ නන් දෙසින් වෙල්ත් ප්ලෑනර්ස් සහ වෙල්ත් ප්ලෑනර්ස් කළමනාකරුවන් 1200කට අධික සංඛ්‍යාවක් මෙම සමුළුව සඳහා සහභාගී වූ අතර ජයග්‍රාහකයෝ සිය සේවාලාභීන් වෙනුවෙන් කර ඇති කැපවීම් සඳහා ඇගයීමට ලක් වූහ.

මෙම සමුළුවේ ප්‍රධානතම අංගය වූයේ 2018 වසර සඳහා විශිෂ්ටතම කාර්ය සාධනයක් අත්පත් කරගත් අලෙවි බලකා සාමාජිකයන් සම්මානයෙන් පිදුම් ලැබීමයි. මෙවර හොඳම වෙල්ත් ප්ලෑනර් ලෙස සම්මානයෙන් පිදුම් ලැබුවේ කුරුණෑගල ප්‍රාදේශීය සංවර්ධන කාර්යාලයේ සී. ලාල් වන්නිආරච්චි මහත්මියයි. පිළිමතලාව ප්‍රාදේශීය කාර්යාලයේ එස්. එන්. ගුණවර්ධන දෙවැනි ස්ථානයත් මොරටුව ප්‍රාදේශීය සංවර්ධන කාර්යාලයේ කේ. ඩී. මද්‍රාකිණි තක්ෂිලා මෙනවිය තුන්වැනි ස්ථානයත් දිනා ගැනීමට සමත් විය. හොඳම වෙල්ත් ප්ලෑනර්ස් කළමනාකරු ලෙස කෑගල්ල ප්‍රාදේශීය කාර්යාල අංක 2හි එන්. ඩබ්. නිලන්ත සේනාරත්න බණ්ඩාර සම්මානයෙන් පිදුම් ලැබීය.

දෙවැනි ස්ථානය කොළඹ ප්‍රාදේශීය කාර්යාල අංක 5හි එම්. ඩී. තුරාජ් අපොන්සු දිනාගත් අතර තුන්වැනි ස්ථානය කොළඹ ප්‍රධාන ප්‍රාදේශීය කාර්යාලයේ

ඩී. ජේ. වීරතුංග දිනා ගන්නා ලදි. හොඳම බෙදාහැරීම් අංශ ප්‍රධානි ලෙස කෑගල්ල ප්‍රාදේශීය කාර්යාල අංක 2හි චන්න දුනුසිංහ සම්මානයෙන් පිදුම් ලද අතර දෙවැනි ස්ථානය මොරටුව ප්‍රාදේශීය කාර්යාල අංක 1හි හේමන් කුමාරටත් තුන්වැනි ස්ථානය මීගමුව ප්‍රාදේශීය කාර්යාල අංක 1හි ඉරේෂ් සිල්වාටත් හිමි විය.

හොඳම ප්‍රාදේශීය සංවර්ධන කාර්යාල කළමනාකරු ලෙස බී. පී. රාජිත විනොල් ප්‍රියසෙනරත් සම්මානයෙන් පිදුම් ලැබූ අතර තිස්සමහාරාමය ප්‍රාදේශීය සංවර්ධන කාර්යාලයේ කළමනාකරු

ජී. එච්. දිලීප අමීන්ද්‍ර 2 වැනි ස්ථානයත් මාවනැල්ල ප්‍රාදේශීය සංවර්ධන කාර්යාලයේ කළමනාකරු වයි. ජී. ජී. බී. යටිගම්මන 3 වැනි ස්ථානයත් අත්කර ගැනීමට සමත් විය.

AIA මෙවරත් අලෙවි සමුළුවේදී නැඟී එන වෙල්ත් ප්ලෑනර්ස් සහ වෙල්ත් ප්ලෑනර්ස් කළමනාකරුවන් ඇගයීමට ලක්කළ අතර 2018 නැඟී එන වෙල්ත් ප්ලෑනර් කාන්තා සම්මානය මොරටුව ප්‍රාදේශීය කාර්යාල 1හි එච්. ජේ. කේ. ගෝමිකා විජේරාමටත් පිරිමි සම්මානය මීගමුව ප්‍රාදේශීය කාර්යාල 2හි එච්. යූ. ක්‍රිෂාන්ත මැන්දිස්ටත් හිමි විය. වෙල්ත් ප්ලෑනර්ස් කළමනාකරු කාන්තා සම්මානය මොරටුව ප්‍රාදේශීය සංවර්ධන කාර්යාලයේ

එස්. එස්. ප්‍රියන්තා මහත්මියට සහ පිරිමි සම්මානය එම කාර්යාලයේම පී. රන්සිළු සුමුදු පෙරේරාටත් හිමි විය.

News Order: 
0
මාතෘකා