සිංගර් ගෙනෙන ශ්‍රී ලංකාවේ අංක එකේ අත්ට්‍රැක්ටරය

 ඡායාරූපය:

සිංගර් ගෙනෙන ශ්‍රී ලංකාවේ අංක එකේ අත්ට්‍රැක්ටරය

'විකිනෝ ෆාම් මාස්ටර්'

ශ්‍රී ලංකාවේ අනාගත සමෘද්ධිය ළඟා කර ගත හැක්කේ කෘෂිකාර්මික ආර්ථිකයක් කෙරෙහි ප්‍රමුඛව අවධානය යොමු කිරීමෙන් බව විද්වතුන්ගේ මතයයි. සිංගර් ශ්‍රී ලංකා සමාගමද දේශීය ගොවියාට ශක්තියක් වෙමින් පසුගිය වසර ගණනාව පුරා කෘෂිකර්මාන්තයේ අවශ්‍යතා සපුරාලන විවිධ යන්ත්‍ර සහ මෙවලම් ශ්‍රී ලංකාවට හඳුන්වාදී තිබේ. සිංගර් සමාගම වියට්නාමයෙන් ආනයනය කෙරෙන 'විකිනෝ ෆාම් මාස්ටර්' අත්ට්‍රැක්ටර් සඳහා ශ්‍රී ලංකාවේ බලයලත් අලෙවි නියෝජිත ලෙස 2013 වසරේදී පත් වූ අතර එම වසරේදීම මහඉලුප්පල්ලම ගොවි කටයුතු පර්යේෂණ ආයතනය මගින් ඒ සඳහා FMRC යෝග්‍යතා සහතිකයද පිරිනමන ලදී. අනතුරුව 2015 වසරේ සිට මේ දක්වා වැඩිම අ‍ෙලවිය ඇති රෝද දෙකේ අත්ට්‍රැක්ටරය ලෙස අංක එක ස්ථානයේ වැජඹීමෙන් 'ෆාම් මාස්ටර් අත් ට්‍රැක්ටරයේ විශිෂ්ට ක්‍රියාකාරිත්වය, කාර්යක්ෂමතාව සහ කල් පැවැත්ම පිළිබඳ ගොවි ජනතාවගේ විශ්වාසය මැනැවින් පිළිබිඹු වෙයි. අශ්වබල 12 එන්ජිම සහිත FM250 සහ අශ්වබල 8 එන්ජිම සහිත FM80 ලෙසින් වෙළෙඳපළට නිකුත් කර ඇති විකිනෝ ෆාම් මාස්ටර් අත්ට්‍රැක්ටර මාදිලි දෙක සඳහා සේවා වාර දෙකක් නොමිලේ හිමිවන අතර සිංගර් සමාගමේ අති විශිෂ්ට විශ්වාසය සමඟ මාස 06ක වගකීමක්ද ලබාදෙයි.නොමිලේ ලබාදෙන සේවාවන්ට අමතරව නඩත්තු සහ අළුත්වැඩියා කටයුතුද දිවයිනේ කොතැනක වුවද ට්‍රැක්ටරය තිබෙන ස්ථානයට පැමිණ ඉටුකර දෙනු ලබයි.

මාතෘකා