'සාමාන්‍ය රක්ෂණ' කාණ්ඩයේ වසරේ විශිෂ්ටම සන්නාමය

 ඡායාරූපය:

'සාමාන්‍ය රක්ෂණ' කාණ්ඩයේ වසරේ විශිෂ්ටම සන්නාමය

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස්

ශ්‍රී ලංකාවේ සාමාන්‍ය රක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සහ විශ්වාසදායී රක්ෂණ නාමයක් වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස්, සාමාන්‍ය රක්ෂණ කාණ්ඩයේ ගුණාත්මක පාරිභෝගික සේවයක් ලබා දෙමින් සාමාන්‍ය රක්ෂණයේ ප්‍රමුඛයා යන නාමය තවදුරටත් තහවුරු කර ගැනීමට සමත්ව සිටී. මේ අනුව පසුගියදා නිකුත් කරන ලද බ්‍රෑන්ඩ් ෆයිනෑන්ස් 16 වැනි ප්‍රකාශනයේ ශ්‍රී ලංකාවේ විශිෂ්ටම සාමාන්‍ය රක්ෂණ සන්නාමය ලෙස ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සාමාන්‍ය රක්ෂණ කාණ්ඩය පත්ව තිබේ.

රාජ්‍ය හිමිකාරීත්වයේ නොසැලෙන ශක්තිය පෞද්ගලික අංශයේ ඕනෑම ආයතනයකට අභියෝග කළ හැකි පාරිභෝගිකයා කේන්ද්‍රර කරගත් නම්‍යශීලී විශිෂ්ට සේවා සත්කාරයත් සාමාන්‍ය රක්ෂණ කාණ්ඩය කෙරෙහි පවත්නා පාරිභෝගික විශ්වාසය තහවුරු කිරීමට සමත්ව ඇත.

එමෙන්ම බ්‍රෑන්ඩ් ෆයිනෑන්ස් මගින් නම්කරනු ලබන 2019 වසරේ ශ්‍රී ලංකාවේ පාරිභෝගිකයන් අතර වඩාත්ම ජනප්‍රිය සන්නාමවල මුල් සන්නාම හතර අතර රැඳෙමින් ශ්‍රී ලංකාවේ ජනප්‍රියම රක්ෂණ සන්නාමය බවට පත්වීමට ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සමත්ව තිබේ.

මේ සම්බන්ධයෙන් අදහස් පළ කළ ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ප්‍රධාන විධායක නිලධාරී චන්දන එල්. අළුත්ගම මහතා, "සාමාන්‍ය රක්ෂණ හිමිකම් ගෙවීමක් සිදුවන්නේ පාරිභෝගිකයාට කිසියම් දේපළ හානිවීමක් හෝ අලාභයක් සිදුව ඇති අවස්ථාවකයි. මෙවන් අවස්ථාවකදී ඉතා වැදගත් වන්නේ ඉතා ඉක්මන් හිමිකම් ගෙවීමකින් පසු ඔවුන්ගේ සාමාන්‍ය ජීවන රටාවට හුරු වීමට හා යථාතත්ත්වයට පත්වීමට ඔවුන්ට අවශ්‍ය කටයුතු සලසාදීමයි. මෙම අවශ්‍යතාව හඳුනා ගනිමින් අප හිමිකම් ගෙවීම ඉතා කාර්යක්ෂම ලෙස ප්‍රමාදයකින් තොරව සිදු කිරීමට අවශ්‍ය ක්‍රමවේදය සකස්කර තිබෙනවා. මේ ඉක්මන් ක්‍රමවේදය පිළිබඳ පැහැදීමට පත්වීමෙන් මේ වන විට අපට ඉතාමත් ලැදි පාරිභෝගිකයන් විශාල ප්‍රමාණයක් අප සමඟ එක්ව සිටිනවා. අපගේ හිමිකාරීත්වය රාජ්‍ය අංශය සතු වුවත් අප ව්‍යාපාරය ගෙන යන්නේ පෞද්ගලික අංශයේ තරගකාරී ව්‍යාපාරයක් ලෙසින් වීම නිසා මෙම අංශ දෙකේම වඩා හොඳ අත්දැකීම් අපට ලැබී තිබෙනවා." යැයි පැවසීය.

මාතෘකා